Wednesday, December 17, 2025

ඇයි මේ රිදවිල්ල

ඇයි මේ රිදවිල්ල 



රහසින බාල කාලේ සිට ලොබ           බැන්ද

සහසකි පැතුම් ගොනුකල නොමැතිව  නින්ද

සැම පෝයටම සිල් ගෙන තෙරුවන    වැන්ද

අප වෙන් වෙලා දෙතැනක හේතුව       මන්ද


කෙළිලොල් වියේ සිටි ඔබ හරි       දඟමල්ල

නව යෞවනය එලබී වුනෙ           හැඩමල්ල

විසිතුරු වදන් සැමටම බෙදු          රසමල්ල

සිතුනෙම මෙමට ලැබුනා යැයි       ජයමල්ල


මහමෙර පරදවන සෙනෙහස         ඉතිරිල්ල

නවතනු කෙළෙස හද කළඹන        සිතිවිල්ල

පෙර ලෙස නොවේ නුඹ දක්වන     සැලකිල්ල

නෙතු යුග බොඳ කරයි මතුවන      කඳුලැල්ල


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

4 comments:

  1. රිදවිල්ල එන්නේ හිත තවමත් බැඳී හින්දා
    ඔන්නොහේ අත ඇරලා දාමට බැරි හින්දා
    වක්කඩ ළඟ හකුරු හඟවනු බැරි හින්දා
    නාඩන් නගේ කෙරුමට දෙයක් නැති හින්දා

    ReplyDelete
    Replies
    1. වාගෙය සසදරට කඩුපුල බැඳි පෙම්මා
      මා ළය පතුලෙ නැඟි සිතිවිලි නැත නිම්මා
      කාලය උදා වනතුරු සිටියද බුම්මා
      වාවනු බැරිව අයියේ ලතවනු කිම්මා

      බොහෝම ස්තුතියි ඔබගේ කවිකාර ප්‍රතිචාරයට සහ මගේ නිවසට ගොඩ වැදුනාට

      Delete
    2. වාවන්නට නොහැකි නම් ජිවිතයෙ තතු
      හැර යන්නට හිතේවි නොදැනීම මිතු
      ජිවිතයක් ඇත්තෙම විඳවන්න සිතු
      සතුටින් ඉන්නකො ඔබ මෙයින් මතු

      Delete
    3. වාවනු නොහැකි බව දැන ජීවිතයෙ තතු
      කෝමද හැර යන්නෙ බිඳදා සිහින පැතු
      කීවද කවුරු කෙලෙසින් කට කතා ගෙතු
      යා දුර කෙටිය අප ආ දුර දිගය මිතු

      Delete