ඇයි මේ රිදවිල්ල
රහසින බාල කාලේ සිට ලොබ බැන්ද
සහසකි පැතුම් ගොනුකල නොමැතිව නින්ද
සැම පෝයටම සිල් ගෙන තෙරුවන වැන්ද
අප වෙන් වෙලා දෙතැනක හේතුව මන්ද
කෙළිලොල් වියේ සිටි ඔබ හරි දඟමල්ල
නව යෞවනය එලබී වුනෙ හැඩමල්ල
විසිතුරු වදන් සැමටම බෙදු රසමල්ල
සිතුනෙම මෙමට ලැබුනා යැයි ජයමල්ල
මහමෙර පරදවන සෙනෙහස ඉතිරිල්ල
නවතනු කෙළෙස හද කළඹන සිතිවිල්ල
පෙර ලෙස නොවේ නුඹ දක්වන සැලකිල්ල
නෙතු යුග බොඳ කරයි මතුවන කඳුලැල්ල
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
රිදවිල්ල එන්නේ හිත තවමත් බැඳී හින්දා
ReplyDeleteඔන්නොහේ අත ඇරලා දාමට බැරි හින්දා
වක්කඩ ළඟ හකුරු හඟවනු බැරි හින්දා
නාඩන් නගේ කෙරුමට දෙයක් නැති හින්දා
වාගෙය සසදරට කඩුපුල බැඳි පෙම්මා
Deleteමා ළය පතුලෙ නැඟි සිතිවිලි නැත නිම්මා
කාලය උදා වනතුරු සිටියද බුම්මා
වාවනු බැරිව අයියේ ලතවනු කිම්මා
බොහෝම ස්තුතියි ඔබගේ කවිකාර ප්රතිචාරයට සහ මගේ නිවසට ගොඩ වැදුනාට