Friday, April 8, 2022

අලුත ගෙනා මනමාලි 13

 

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


හනිකට ලිසී මුළුතැන් ගෙට දිව              ආවේ
භය වුන තරම ඇස් දෙක නලලෙහි         වූවේ
කලබල ගතියකිනි එහෙ මෙහෙ නෙත    පෑවේ
"අයියෝ...අලුත් නෝනේ..” යැයි මොර  ගෑවේ


13 කොටස  


මොකදැයි ලිසී කලබලයෙන් මොර         ගෑවේ
 දුටුවද හොල්මනක් වත් මේ              අවෙලාවේ

අසමින හැරුනෙ කඩිමුඩියෙනි         එ’වෙලාවේ
පෙරලුනි හොද්ද දෙවියොයි  සිහියට         ආවේ

"අයියෝ..." කියා ලිසියා කෑ ගහන            කලේ
භය උන තරම ගත තවමත් ගැහෙයි       බොලේ
බිම හැම තැනම ඉස්සන් තුන් හතර          පලේ
මෙම අවනඩුව කා හට නම් කියමි             මලේ

ඉස්සොද නටන හොදි ඇතිලිය බිඳිල          ගියේ
බිත්තිය හතර වට පැල්ලම් විසිර                තියේ
  හැට්ටය පෙඟුනි දිය පට්ටද පිපුණි               පයේ  
කුස්සිය  සටන් පිටියකි හද ගැහුනි              බියේ

මතකෙට නොඑන කලබල ගතියකි            ඇතුවා
   ලිසියද යමක් කීමට වට පිට                     බැලුවා  
වචනද අමුණමින නෙතු නලලෙහි              තැබුවා
මගෙ ඉවසීම වැට පැනුමට වෙර               දැරුවා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

4 comments:

  1. හයියෝ.... අද කෑම කඩෙන් තමා..😄😄😄

    ReplyDelete
  2. මේ මොකද හැම එකම බිම වට්ටගෙන. නැගිට්ට වෙලාවෙ වැරද්දක්ද

    ReplyDelete
    Replies
    1. අයියෝ කියලා වැඩක් නෑ. උයාගන්න නොදන්න කම හැම එකටම හපන්. ලැජ්ජාවේ බෑ. 🙈

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.