Friday, April 8, 2022

අලුත ගෙනා මනමාලි 13

 

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


හනිකට ලිසී මුළුතැන් ගෙට දිව              ආවේ
භය වුන තරම ඇස් දෙක නලලෙහි         වූවේ
කලබල ගතියකිනි එහෙ මෙහෙ නෙත    පෑවේ
"අයියෝ...අලුත් නෝනේ..” යැයි මොර  ගෑවේ


13 කොටස  


මොකදැයි ලිසී කලබලයෙන් මොර         ගෑවේ
 දුටුවද හොල්මනක් වත් මේ              අවෙලාවේ

අසමින හැරුනෙ කඩිමුඩියෙනි         එ’වෙලාවේ
පෙරලුනි හොද්ද දෙවියොයි  සිහියට         ආවේ

"අයියෝ..." කියා ලිසියා කෑ ගහන            කලේ
භය උන තරම ගත තවමත් ගැහෙයි       බොලේ
බිම හැම තැනම ඉස්සන් තුන් හතර          පලේ
මෙම අවනඩුව කා හට නම් කියමි             මලේ

ඉස්සොද නටන හොදි ඇතිලිය බිඳිල          ගියේ
බිත්තිය හතර වට පැල්ලම් විසිර                තියේ
  හැට්ටය පෙඟුනි දිය පට්ටද පිපුණි               පයේ  
කුස්සිය  සටන් පිටියකි හද ගැහුනි              බියේ

මතකෙට නොඑන කලබල ගතියකි            ඇතුවා
   ලිසියද යමක් කීමට වට පිට                     බැලුවා  
වචනද අමුණමින නෙතු නලලෙහි              තැබුවා
මගෙ ඉවසීම වැට පැනුමට වෙර               දැරුවා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 12 කොටසට

👉14 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

4 comments:

  1. හයියෝ.... අද කෑම කඩෙන් තමා..😄😄😄

    ReplyDelete
  2. මේ මොකද හැම එකම බිම වට්ටගෙන. නැගිට්ට වෙලාවෙ වැරද්දක්ද

    ReplyDelete
    Replies
    1. අයියෝ කියලා වැඩක් නෑ. උයාගන්න නොදන්න කම හැම එකටම හපන්. ලැජ්ජාවේ බෑ. 🙈

      Delete