Friday, February 25, 2022

අලුත ගෙනා මනමාලි 7

 

 කවි කතාව

 


 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

කරවිල කිරට වම්බටු මෝජුව             හදලා
කහ බත උයා පපඩම් ලාවට               බැදලා
සැලඩය කපා ඉස්සන් මිරිසට              හිඳලා
උයනට අණ කලේ දී බඩු ටික            මැනලා



7 කොටස  

ඉයවිලි පිහිලි ගෙයි දොර වැඩවල         යෙදෙන
මෙහෙකාරිය ලෙසට නිවසෙම ගත          කරන
නොදෙනිව නැන්ද හට සැම නිල තල        දරන
ගැහැණිය ලිසී නැතිදෝ පැනයකි            නැගුන
 
සිතුනිය හැකි වෙතැයි සහයක්         ලැබගන්න
හනිකට බැලුවෙ කොහෙ ඇති දැයි    දැනගන්න
හැකිවිය සතර කන් මතුරනු             දැකගන්න
දැනුනිය ගතේ එඩි සිඳිලා                ගියවැන්න

       කිසිදින මෙලෙස වැඩ කරලා නැත         මිතුර        
කොහොමද උයන්නේ නැන්දම්මගෙ        ගෙදර
සිටියට තොදොල් වී මව් තුරුළෙම          නිතර
මම දැන් තැවෙනවා සිහිවී බොරු          කෙබර

වම්බටු කපා ඒ ටික වතුරට                දැමුවා
ඉස්සොද නැටි කඩා කරවිල පෙති        කැපුවා
පොල් ටික ගාල හාලුත් හනිකට          ගැරුවා
පැත්තක තබා  මොනවා කරමිද           සිතුවා


මතු සම්බන්ධයි...... 


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


👈 6 කොටසට

👉8 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, February 18, 2022

අලුත ගෙනා මනමාලි 6


 කවි කතාව



 

පසුගිය කොටසෙන්................. 
 

හිමිසඳ නැවත සේවෙට යා යුතුය             කියා
අලුයම පිබිද ඔෆිසිය වෙත පිටව               ගියා
දෙඅතෙහි රැඳුනු දුරකථනය පසෙක          තියා
හනිකට දුන්නෙ පොත් කිහිපෙක නම්ද      ලියා


6 කොටස


ඔහු ගිය පසුව හද පාළුව සැරි            සැරුවේ
කල යුතු යමක් සොයමින් නෙතු දඟ  කෙරුවේ
තනිකම මකා ගත හැකි මඟකුයි         බැලුවේ
බැස යහනතින් රෙදි පිළි යලි යලි        නැමුවේ

  නැන්දද  මගෙම අම්මා ලෙස සමව        සිතා  
යන්නට සිතුන මුත් තුරුළට සෙනෙහෙ   පතා
නෙත්සර විදින රළු බුරුලක් නොමැති    ලතා
හින්දම නිහඬ බව රජවුනි නොකර       කතා

මුල් දින ටිකේ කිසි අවුලක් නොමැත      සැදී
තුන් වරුවටම බත මේසෙට ආවෙ          ඇදී
ඉන්පසු දිනෙක නැන්දම්මා  හනික         වැදී
කැන්දන ගියේ මුලුතැන් ගෙට ගලින       බැඳී

කරවිල කිරට වම්බටු මෝජුව             හදලා
කහ බත උයා පපඩම් ලාවට               බැදලා
සැලඩය කපා ඉස්සන් මිරිසට              හිඳලා
උයනට අණ කලේ දී බඩු ටික            මැනලා 

 

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 5 කොටසට

👉7 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, February 11, 2022

අලුත ගෙනා මනමාලි 5


 කවි කතාව




 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

 හෙල සිරිතටයි වැඩිහිටි සැම සිත        සතුටයි
   මැදි කර සියලු කටයුතු ඉහලින           සපුරයි  
 ගොඩ මඩ සරුව රන් ගොයමද සිරි     වඩවයි
නව යුග දිවියෙ ඇරඹුම සොම්නස        දනවයි


5 කොටස  

යුගදිවි අසිරි විඳ සතුටින ගත       කෙරුවේ
සහකරු සමඟ තුරුළුව සිට ඉඟි      මැරුවේ
දොළ ළඟ වඳුලෙ අත් පටලන සැරි   සැරුවේ
සුසුමක දැවටි මුදු සෙනෙහස හද    දැරුවේ

කවුළුව තුලින් එබිලා මගෙ           නැන්දම්මා
හදවත දවාලන රළු බැල්මක්            දැම්මා
ඉද හිට මවන එරවිල්ලත්  නැත         නිම්මා
දැනි හද සතුට එසැනින මගෙ විය      සුම්මා

නැත නැන්දගේ මුහුණේ නම් කිසි        පිරියක්
හරියට උඩින් ඇදුනා සේ ලොකු       ලොරියක්
මට නම් බයයි බලනට ඒ මුව          පොඩියක්
මෙලෙසට දිවිය ගත කෙරුමද කොඩි විනයක්

හිමිසඳ නැවත සේවෙට යා යුතුය          කියා
අලුයම පිබිද ඔෆිසිය වෙත පිටව            ගියා
දෙඅතෙහි රැඳුනු දුරකථනය පසෙක       තියා
හනිකට දුන්නෙ පොත් කිහිපෙක නම්ද    ලියා

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 4 කොටසට  

👉 6 කොටසට  

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, February 4, 2022

අලුත ගෙනා මනමාලි 4

 

 කවි කතාව




 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

පියතුම බොහොම අවිහින්සක පෙනුම         ගෙන
පසුවන අතර බිරිඳයි බලකනුව                   හෙන
ගෙදරද අපෙත් නැත වෙනසක් මෙයට         වෙන
නිරතුරු මවගෙ කීමට සැම දිනුම                දෙන


4 කොටස  

කොලුවද උසස් රැකියාවක නිරත                වනා
සැමදින ටයි පටිද පළඳා කොළඹ                 යනා
මෙවැනි වු තැනක් ලැබුනේ පෙර පිනට          විනා
එකඟයි මවගෙ තීරණයට සියළු                   දනා

මගෙ හද තුල සෙමෙන් ඇල්මක් මතු           කරන
      ඔහු සතු තේජසට ගත සලිතව                   තිබින     
විසිතුරු අනාගත සිහිනය හද                     දකින
විඳ තුටු වෙන්න කාලය ළඟ බව                හැඟින  

හැඩවැඩ වෙලා මංගල පෝරුව                 මතිනේ
වයමින රබන් ආසිරි චාමර                      සැලුනේ
ලොකු පොඩි සැමගෙ සැ'පැතුම් සෙනෙහස මැදිනේ
නැකතට නැන්ද මාමගෙ ගෙට ගොඩ         වැදුනේ

 හෙල සිරිතටයි වැඩිහිටි සැම සිත             සතුටයි
  මැදි කර සියලු කටයුතු ඉහලින                සපුරයි  
ගොඩ මඩ සරුව රන් ගොයමද සිරි          වඩවයි
නව යුග දිවියෙ ඇරඹුම සොම්නස            දනවයි


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 3 කොටසට 

👉 5 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.