සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....
~~ සඳලතා ~~
3 කොටස
විහිදන මුදු සුවඳ විකසිත වුනු කුසුම
එදෙසට ඇදෙයි බඹරුන් නොමවෙනු පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු සුසුම
ගිරවුනි ලිහිණියනි ගගනේ සරන රුවේ
පැහැබර ඵල වැලින් හෙබි පෙම් සිහින ලොවේ
දැනුනිද තුරුණු හදවත විඳි නිමල සුවේ
තුරුළක පහස දැනි සිතිවිලි මිලින නොවේ
ආලෙට බැඳුනු සිව් මසකුදු එළබෙන්නා
සාලිය අශෝකා මාලා මෙනි දෙන්නා
සාගර පරදනා ලෙස සෙනෙහස පෙන්නා
ආදර සොඳුරිගෙන් මෙලෙසට විමසන්නා
“ හිතෙනව එතෙර රැකියාවක නියැලෙන්න
අදහස ඔබේ නොපැකිල මට පවසන්න”
එනමුදු ඇගේ සිත නැහැ මෙහි තනිවන්න
කැමතියි වගේ ඔහු තුරුළෙම නැළැවෙන්න
කාලය ගෙවෙන සඳ මෙලෙසට නොදැනීම
මෝරන සෙනෙහෙ පිබිඳුණි හද පතුලේම
ආගිය මගෙහි සුරතෙහි වෙලි සිතුසේම
පාවෙන සිහින මත කිමිදුණි රහසේම
මතු සම්බන්ධයි.........
ගායන සහය රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.
👈 2 කොටසට
👉 4 කොටසට
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.

පාවෙන සිහින මත කිමිඳුණි රහසේම. එතන විස්තර කරල තියෙන විදිහ ලස්සනයි.
ReplyDeleteසුභ පැතුම්. දිගටම ලියන්න.
බොහොම ස්තුතියි ඒ දෙන දිරියට
Delete