Wednesday, November 4, 2020

සඳලතා 1

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....


සඳලතා



 

1 කොටස


හද පිරි තුටින් ඔබ සැම දෙන         පිළිගන්නේ
සැම දෙවි නැමද මුලසුන අද       හොබවන්නේ
ඇගෙ දිවි ගමනෙ රස තොරතුරු   ගෙනඑන්නේ
හොඳ හැටි යොමා දෙසවන එය      විඳගන්නේ

සුපතල තැනකි බැද්දේගම හෙල         දෙරණ
වැජබෙන කුඩා පවුලකි සැම දැන         හැඳින
නිලමෙද ටිකිරි මැණිකා ගෙද ලොව      දිලෙන
දුව සඳලතා වෙයි නිවසට සිරි            ගෙනෙන

හොඳ හැදියාව සංවර කම ඇත           පිරිලා
තෙපලන වදන් ගෙයි මිදුලට නැත        ඇහිලා
පහලට හැලෙන ගවුමද දණඉස          වැහිලා
කදිමට පීරලා දිගු වරලස                ගොතලා

අහවර කර සිටියි පාසැල් විය           සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි     ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ           නුහුරු 
මදහස නැගෙයි දෙතොලට නොසිතන   අයුරු 

මතු සම්බන්ධයි.........


මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.


👉  2 කොටසට   


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

2 comments: