පෑව සිනා හීන වගේ
යාය දිගේ
ගාට එනා
නෑන මගේ
නෑනෙ මෙදා
කෝල වෙවී
මාගෙ දිහා
පෑව සිනා
තාම මැවේ
චාටු කතා
කීව ගොතා
යාය පුරා
තාම ඇසේ
බාලෙ දෙඩූ
ප්‍රේම කතා
මාගෙ හිතේ
තාම තියේ
හේනෙ පැලේ
මූණ බලා
කීව කතා
හීන වගේ
දීග ගියා
මාව දමා
වාව ගමී
කෝම කෙසේ
(ප්‍රතිෂ්ඨා ඡන්දස - සුමුඛී විරිත.)
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
දමල ගහලා
ReplyDeleteමමත් ගියා
කොළොම් පුරේ
කෙල්ලො සොයා
අයියෝ... ඒකනම් ....
Deleteඑත අතකට ඒකත් හරි ගිය කෙනා ගැන ලත වෙලා වැඩක් නෑනෙ නේද
බොහෝම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට ගොඩ වදුනාට
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
ReplyDeleteමගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
මට මේක මතක් වුනේ 🙈🙈🙈
ආනේ ඒක මට දැනුනේ දන්නේ.
Deleteබොහෝම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට ගොඩ වදුනාට.
දීග ගියා
ReplyDeleteමාව දමා
වාව ගමී
කෝම කෙසේ
කවි රසේ වාව ගමී....
බොහොම ස්තුතියි ඔබට. සුපුරුදු පරිදි මගේ සිතිවිලි නිහවනට ගොඩ වැදී කවි රසයෙන් ප්‍රිතිවෙන්න ආවාට. ආයෙත් නොවරදවාම එන්න හොදේ.
Delete