Wednesday, February 4, 2026

සුසුම් රැළි



සුසුම් රැළි

හොර රහසෙ සැඟව සිට        පපුතුරේ
දුක කඳුළ හා මුසුව               දිගහැරේ
මද පවන් පොදක නැග          නිරතුරේ
 සැරි සරයි දස අතෙහි            සුමිතුරේ 

පෙළන විට සිත දවන           සිතිවිල්ල
මතුව එයි නෙතු පොඟන      කඳුලැල්ල
නගනු කිම දුක සමඟ           මැසිවිල්ල
නුඹය මා සතු එකම            සැනසිල්ල

නොදැක සැනසෙමි කෙලෙ​ස හිනැහිලා
හිඳිනු මැන හද ලෙනෙහි       සැතපිලා
ඉඳල හිට කනට කර           කොඳුරලා
කියනු බැඳි සෙනෙහෙ ඇති    සැඟවිලා

( ගජ ඦන්දස - සදොල්කෙළි විරිත ඇසුරෙන් )

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 
 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

6 comments:

  1. කව් පෙළෙහි ශෝකී අත්දැකීමත් සමග ‘විසිතුරේ‘ කියන වචනය ගැලපෙනවද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ සිතිවිලි මං පෙත නිවහනට සුපුරුදු පරිදි ගොඩ වැදුනාට. මෙහෙම හොඳයිද?

      Delete
  2. සෙනෙහස සැඟව ඇත නොමහැක කියන්නට
    ඔබ දුරු රටක වෙනකෙකු හා සතුටින්ද
    හංගා ගනිමි හද දුක සිත නොදැනෙන්න
    සිහිනෙන් ඇවිත් යන්නට එන්නම් හනික

    ReplyDelete
    Replies
    1. ගෙන මගේ සිත කොහේට පියඹුවේද
      යලි නොම එයි කියාම ලතවුනේද
      දිගු රැය හඬ හඩාම එළි කලේද
      පෙර දින පිඳු සිනාව වියැකුනේද

      කවි පදත් ලස්සනයි ඔබගේ. බොහෝම ස්තුතියි මේ ලෙස කවි ප්‍රතිචාර ගෙන එම ගැන.

      Delete
  3. බොහොම ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට ගොඩ වදුනාට.

      Delete