සුසුම් රැළි
හොර රහසෙ සැඟව සිට පපුතුරේ
දුක කඳුළ හා මුසුව දිගහැරේ
මද පවන් පොදක නැග නිරතුරේ
සැරි සරයි දස අතෙහි සුමිතුරේ
පෙළන විට සිත දවන සිතිවිල්ල
මතුව එයි නෙතු පොඟන කඳුලැල්ල
නගනු කිම දුක සමඟ මැසිවිල්ල
නුඹය මා සතු එකම සැනසිල්ල
නොදැක සැනසෙමි කෙලෙස හිනැහිලා
හිඳිනු මැන හද ලෙනෙහි සැතපිලා
ඉඳල හිට කනට කර කොඳුරලා
කියනු බැඳි සෙනෙහෙ ඇති සැඟවිලා
( ගජ ඦන්දස - සදොල්කෙළි විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

කව් පෙළෙහි ශෝකී අත්දැකීමත් සමග ‘විසිතුරේ‘ කියන වචනය ගැලපෙනවද?
ReplyDeleteබොහොම ස්තුතියි මගේ සිතිවිලි මං පෙත නිවහනට සුපුරුදු පරිදි ගොඩ වැදුනාට. මෙහෙම හොඳයිද?
Deleteසෙනෙහස සැඟව ඇත නොමහැක කියන්නට
ReplyDeleteඔබ දුරු රටක වෙනකෙකු හා සතුටින්ද
හංගා ගනිමි හද දුක සිත නොදැනෙන්න
සිහිනෙන් ඇවිත් යන්නට එන්නම් හනික
ගෙන මගේ සිත කොහේට පියඹුවේද
Deleteයලි නොම එයි කියාම ලතවුනේද
දිගු රැය හඬ හඩාම එළි කලේද
පෙර දින පිඳු සිනාව වියැකුනේද
කවි පදත් ලස්සනයි ඔබගේ. බොහෝම ස්තුතියි මේ ලෙස කවි ප්‍රතිචාර ගෙන එම ගැන.
බොහොම ලස්සන නිර්මාණයක්.
ReplyDeleteබොහෝම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ නිවහනට ගොඩ වදුනාට.
Delete