පළමුව දුටු දිනේම දුරතියාම
හද තුළ බැඳි සෙනේට ඉඟි කලාම
මගෙ සිත දිව ගියේම ඔබ සොයාම
නැත අහවර උනේම නෙතු කෙවීම
ගෙන මගෙ හද කොහේට පියැඹුවේද
යලි නොම එයි කියාම ලතවුනේද
දිගු රැය සිත සිතාම එළිකලේද
පෙර දින පිදු සිනාව වියැකුනේද
නෙතු කොනකින් බලාල හිනැහුනාම
සිත සතුටින් තියේවි සැනසිලාම
නුබ තල වැහි වලාව විසිරුනාම
අපි ඉඟිලෙමු අපේම ලොවපුරාම
සඳ දිය උතුරලා ම හද පිරේවි
තරු කැට නෙතු අයා ම ළඟ හිදීවි
මද පවනද හොරෙන්ම ඉඟි කරාවි
දෙදෙනම නිදි වරා ම රැය ගෙවාවි
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
//ගෙන මගෙ හද කොහේට පියැඹුවේද// මේ පදය අනිත් ඒවා එකක් ගැලපෙන්නේ නැහැ වගේ . අදහස මරු -දෙදෙනම නිදි වරා ම රැය ගෙවාවි-☺️
ReplyDeleteබොහෝම ස්තුතියි හැමදාමත් වගේ මට ලබා දෙන මේ අත්වැලට.
Delete"මගේ හද ගෙන කොහේට පියැඹුවේද" මෙහෙම දැම්මම හොඳයි ද?
නැතිනම් වෙනත් අදහසක් තියේ නම් කියන්න බලන්න.
හරි ලස්සනයි .
ReplyDeleteබොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩවෙලා මගේ කවි රස විඳ තබාපු සටහනට.
Deleteආයෙත් එන්න ..
ඔබ ඇවිත් යන්න එන්න.