අත්තම්මා
දරුකැල වදා සෙනෙහස කැටි කර ළයට
කිරි කර පොවා රුහිරය උන් සැම දෙනට
ඇති දැඩි කරන්නට විඳි නෙක දුක ගැහැට
සිහිවන විට උනයි තුටු කඳුළැලි නෙතට
ගුරු ගෙදරට යවා සිප්නැණ දියුණු කෙරු
පුරවැසි ලෙසින ගුණ යහපත සිරස දැරු
රට දැය නගන්නට පණ නළ තියෙන තුරු
පිදුවෙමි දරුකැලක් ලෙස නුබ දිලෙන තරු
තඹරුන් සදිසි දරු කැල උන් වට එතෙන
සතුටින් කෙළිදෙලෙන් තම දිවි මඟ සරන
මරණින් මතු ලොවට දන්පින් ගොනු කරන
අටියෙන් සිල් රකිමි පොහොයට බැති පෙමින
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

අපේ අම්මත් ඔය වගේ තමා . දැන්නම් එක තැන් වෙලා
ReplyDeleteඅම්මාට නිරෝගී සම්පන්න දිවියක් පතමි. තාමත් අම්ම තාතතා දිහා බලලා වචනයක් කතා කරන්න තියෙනවා නම්.. ඒ තරම් වාසනාවක් තවත් කොහෙද.
Deleteබොහෝම ස්තුතියි හැමදාමත් වගේ ඇවිදින් තබා යන සුහද ප්රතිචාරයට.