කවි කතාව
කවි කතාව
පසුගිය කොටසෙන්.................
කරවිල කිරට වම්බටු මෝජුව හදලා
කහ බත උයා පපඩම් ලාවට බැදලා
සැලඩය කපා ඉස්සන් මිරිසට හිඳලා
උයනට අණ කලේ දී බඩු ටික මැනලා
7 කොටස
ඉයවිලි පිහිලි ගෙයි දොර වැඩවල යෙදෙන
මෙහෙකාරිය ලෙසට නිවසෙම ගත කරන
නොදෙනිව නැන්ද හට සැම නිල තල දරන
ගැහැණිය ලිසී නැතිදෝ පැනයකි නැගුන
සිතුනිය හැකි වෙතැයි සහයක් ලැබගන්න
හනිකට බැලුවෙ කොහෙ ඇති දැයි දැනගන්න
හැකිවිය සතර කන් මතුරනු දැකගන්න
දැනුනිය ගතේ එඩි සිඳිලා ගියවැන්න
කිසිදින මෙලෙස වැඩ කරලා නැත මිතුර
කොහොමද උයන්නේ නැන්දම්මගෙ ගෙදර
සිටියට තොදොල් වී මව් තුරුළෙම නිතර
මම දැන් තැවෙනවා සිහිවී බොරු කෙබර
වම්බටු කපා ඒ ටික වතුරට දැමුවා
ඉස්සොද නැටි කඩා කරවිල පෙති කැපුවා
පොල් ටික ගාල හාලුත් හනිකට ගැරුවා
පැත්තක තබා මොනවා කරමිද සිතුවා
මතු සම්බන්ධයි......
✍👌❤️💔💔.....
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට.
Deleteකනගාටුදායකයි , වහාම නැන්දම්මාගේ ගෙදරින් ඉවත්ව යන්න
ReplyDeleteබොහෝම ස්තූතියි ප්රතිචාරයට.
Deleteඑතකොට ප්රශ්නය විසදෙයි ද?
නමී කියා තිබ්බා මෙහි එන විදිය
ReplyDeleteකවි ලිපිවලින් උපදයි විසිතුරු රසය
ලියවෙන්නට තවත් බෝ දේ ඇති හැඩය
සුපතමි සොයුරියේ, සරසවි ඔබ වෙතය!
බොහෝම ස්තූතියි ඔබගේ ප්රතිචාරයට. කවියත් මරු ඈ.
Delete