Friday, February 25, 2022

අලුත ගෙනා මනමාලි 7

 

 කවි කතාව

 


 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

කරවිල කිරට වම්බටු මෝජුව             හදලා
කහ බත උයා පපඩම් ලාවට               බැදලා
සැලඩය කපා ඉස්සන් මිරිසට              හිඳලා
උයනට අණ කලේ දී බඩු ටික            මැනලා



7 කොටස  

ඉයවිලි පිහිලි ගෙයි දොර වැඩවල         යෙදෙන
මෙහෙකාරිය ලෙසට නිවසෙම ගත          කරන
නොදෙනිව නැන්ද හට සැම නිල තල        දරන
ගැහැණිය ලිසී නැතිදෝ පැනයකි            නැගුන
 
සිතුනිය හැකි වෙතැයි සහයක්         ලැබගන්න
හනිකට බැලුවෙ කොහෙ ඇති දැයි    දැනගන්න
හැකිවිය සතර කන් මතුරනු             දැකගන්න
දැනුනිය ගතේ එඩි සිඳිලා                ගියවැන්න

       කිසිදින මෙලෙස වැඩ කරලා නැත         මිතුර        
කොහොමද උයන්නේ නැන්දම්මගෙ        ගෙදර
සිටියට තොදොල් වී මව් තුරුළෙම          නිතර
මම දැන් තැවෙනවා සිහිවී බොරු          කෙබර

වම්බටු කපා ඒ ටික වතුරට                දැමුවා
ඉස්සොද නැටි කඩා කරවිල පෙති        කැපුවා
පොල් ටික ගාල හාලුත් හනිකට          ගැරුවා
පැත්තක තබා  මොනවා කරමිද           සිතුවා


මතු සම්බන්ධයි...... 


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


👈 6 කොටසට

👉8 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. කනගාටුදායකයි , වහාම නැන්දම්මාගේ ගෙදරින් ඉවත්ව යන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට.
      එතකොට ප්‍රශ්නය විසදෙයි ද?

      Delete
  2. නමී කියා තිබ්බා මෙහි එන විදිය
    කවි ලිපිවලින් උපදයි විසිතුරු රසය
    ලියවෙන්නට තවත් බෝ දේ ඇති හැඩය
    සුපතමි සොයුරියේ, සරසවි ඔබ වෙතය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට. කවියත් මරු ඈ.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.