සිතුවිලි මැදින් ...
රෝග බිය මැද 
සලිත වූ සිත 
සොයා සහනය 
නිබඳ .........  තැවුනා 
ඈත දුර සිට 
එබී හිනැහෙන 
කෝල දෙනුවන 
මනසෙ ........  ඇඳුනා 
රෑට සිහිනෙක 
එතී සවනට 
තුටගෙනා රස 
කවිය .......     මුමුනා 
පාන සෙනෙහස 
බිඳුණු හදගැබ 
සුවය තැවරුවෙ  
සිසිල ............අමුණා  
(මදු ඡන්දස - පුණුඅතිපුණු විරිත ඇසුරෙන්) 
~~ ලියෝනි අමරතුංග ~~
එලු සදස් ලකුණ විරිත හඳුන්වා ඇති ආකාරය
අටවිසි මතන් ලා
බඳ පුණුඅතිපුණු නම්
දනු තුදුස් සඳසෙහි
විරිත් නිදසුන් සැකෙවින්.