Friday, May 27, 2022

අලුත ගෙනා මනමාලි 20

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


20 කොටස  

රැකියා නොමැත කල ගෙවලා මහ         මඟට
කරලා තියෙන්නේ බොරුවකි අප           සැමට
රිදවා සිතද හඬලා ඇති පල                  කුමට
මෙමගේ අතෙත් තිබු අඩුපාඩුද               එමට

මෙය දැනගත් පසුව උරණවු මගෙ         අම්මා
හනිකට සොයා දුව ගියෙ යස         නැන්දම්මා
දෙදෙනම අතර වූ වාදය                උණුසුම්මා
සිටිනට උනේ අපි දෙදෙනට  ගෙන          බුම්මා

"යන්නේ කොහොම කොම්පැණියක වැඩට තියා
දන්නේ අද නෙ පාසලකට නොගිය            කියා 
කිව්වේ කොහොම කොලුවගෙ ඇති ගුණය දයා
ගම්මුන් කිව්වෙ උබලට නැහැ ලැජ්ජ        බියා
"

මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 19 කොටසට

👉 21 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 20, 2022

අලුත ගෙනා මනමාලි 19

 

 කවි කතාව


පසුගිය කොටසෙන්.................



දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ       වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත      අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය       මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි        නගේ


19 කොටස  

"ගෙදරට පිරිමි දෑතක ඇති අඩුව        වසා
වතුපිටි නිසි අයුරු රැකගත යුතුවු       නිසා
මතු පරපුරට වසනට හදවතිනි       තොසා
දියුණුව ලබා ගෙනයමු බත සතර      දෙසා
"

සැමියගෙ සිතැඟි කිසිවිට පිළිගත නොහෙන
පිළිතුර නිසා මව තුළ කෝපය         නැගින
සැමගෙම නෙතඟ රැඳි කලබල බව   හැදින
මුනිවත රැකිමි මම, එය යහපති       සිතින

සැනෙකින අපේ අම්මා තොරතුරු   සොයලා
බැලුවනෙ මොකද සැමියා ගෙදරම    කියලා
කපුවද අප සැමට යස බොරුවක්      කරලා
ඇති බව වැටහුනා මා උගසට           තියලා

             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 18 කොටසට

👉 20 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 13, 2022

අලුත ගෙනා මනමාලි 18

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය දැනුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද සිතුනා
හොඳ හැටි සිතා වැඩ කල යුතු බව     දැනුනා


18 කොටස  

සැලසුම ලෙසට සැමියා හට කතා           කොට
"පිටවනු නොහැක මව තනිකර දමා        මට
හැකිවෙද ඔයාටත් එන්නට අපේ             ගෙට
"
වැළපෙන හඬින් ඇහුවේ ඔහු මුලා           කොට

හෙමිහිට සැමිය වත් මේ ගෙදරට         කැන්දා
විඳිමින දිවිය නිතියෙන ප්‍රීතිය                රන්දා
ගැනුමට පොටක් පෑදී ගෙන එන            හන්දා
ම'සිතට දැනුන අපහසුතාවය                සින්දා

පෙර සිතු ලෙස ට හැමදෙය සිදු වෙන්න   ගනී
සැමියද අලස ලෙස දින පසු කරනු          දැනී
නිසිලෙස වැඩට යාමට වෙහෙසද නො     ගනී  
ඔහු අප නිවසෙ අයිතිය බදු ගත්ත          වැනී

දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ         වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත       අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය      මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි         නගේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 17 කොටසට

👉19 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 6, 2022

අලුත ගෙනා මනමාලි 17

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


17 කොටස  

දුවගෙන ගිහින් උඩුමහලේ          සැඟවෙන්න
හිතෙනව අහෝ බැහැ මේ දුක        උහුලන්න
ලෙඩවුන හෙයින් අම්මව දැක     සැනසෙන්න
පිටවුනෙ ගෙයින් නැන්දට වැඳලයි       ඔන්න

මම කඩිනමින් නිවසට ගොඩ වැදුනු        සඳ
හමුවිය මැණික දෙනුවන ඉනු කඳුලු       මැද
"මව ඇත යහන මත" යනුවෙන් දොඩන   ලද
වචනෙනි ගියේ හදවත පෙළු සැකය         බිඳ

දෙන්නා එක්ක එකතුව පොඩියට   බොරුවක්
කිව්වා කියල දැනුනේ ගිය පසු          වරුවක්
දැන් මා සිටිනුයේ නිවසෙහි ලෙස       තරුවක්
නැන්දා ලඟත් නැත කිව් තරමට      සරුවක්

අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය ලැබුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද   තුටිනා
නුවණැස යොදා වැඩ කල යුතු බව      දැනුනා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 16 කොටසට

👉18 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

Friday, April 29, 2022

අලුත ගෙනා මනමාලි 16

 

 කවි කතාව




 

පසුගිය කොටසෙන්.................



"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
   යනවා මමත් ඇඟපත සෝදා               ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


16 කොටස  


"මොකදෑ අලුත් මනමාලිට මෙහෙම     විසේ
බිඳ යස වළඳ ඉස්සන් තුන් හතර         දෙසේ
    ඔය වැනි ගැහැණු  ලමයින් වටිනවද කෙසේ
"
දැමුවේ ගෝරනාඩුව ඔරවමිනි              එසේ

දැනුනේ හුස්ම ටික නතරව ගියපු         ලෙසේ
සිතුනේ  හඬන්නට පොඩි දැරියකව       රිසේ
පොළවේ තිබුන ඉස්සන් දැක රුදුරු      වෙසේ
දෙඩුවේ හඬද උස් කර බිඳ හදෙහි     තොසේ

අමතක වුනිය හදපතුලෙහි ඉකි              ලෑම
බටු ටික දැමූ වතුරෙහි පිහිනයි               තාම
"අහුලල ගනින් ඉස්සන් බිම වැටි             සෑම"
අණදෙන නිලදරුව මෙනි ඇගෙ මොර    ගෑම

මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 15 කොටසට

👉17 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, April 22, 2022

අලුත ගෙනා මනමාලි 15

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන්            වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු                   වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන්               වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම                    වගේ


15 කොටස  


මගෙ සුදු නෝනෙ දෙන්නකො මට      උයන්නට
පොඩි මහතා ද එයි වහලය               හදන්නට
ලොකු නෝනත් ගියේ බිල් ටික          ගෙවන්නට
මව ඇති මඟ බලා ඔය රුව               දකින්නට
"

ලිසියද ටිකෙන් ටික මොලකැටි වුන           බැවිනා
මට මෙම වදෙන් බේරෙනු හැකි යයි           සිතුනා
හිත දුක වුනත් යන්තම් සහනය                 දැනුනා
හනිකට මෙහෙන් පිටවිය යුතු යැයි           හැඟුනා
 
වරුවක් යාවි බිම පිරිසිදු                      කරලන්ට
කරියත් ඉහිරිලා බිත්තිය               නොපෙනෙන්ට
වළඳෙත් කෑලි හැමතැන බැහැ               පයලන්ට
මෙතනින් යා යුතුය පෙර ඇය            පැමිණෙන්ට

"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
යනවා මමත් ඇඟපත සෝදා                ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 14 කොටසට

👉16 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.