නෙතු තෙමමින් හෙළන සුසුම් බැහැ මෙතෙකැයි කියන්න
හිත මත තිබු සිහින පොදට බැඳි පෙම් සිත බිඳින්න
ගිය පසු නුඹ ගමෙන් ඉගිළ මතු දියුණුව ලබන්න
සිදුවුණි මට මතක පොතේ පිටු අමතක කරන්න
පෙරමඟ බැලු නමුදු අඳුරෙ අතර මඟක ගෙවන්න
දුක රඳවා සිතෙහි තනිව මේ කඳුළැලි දරන්න
නොකියා ගිය දුරක් නැවත නොඑන බවක් දැනෙන්න
හැකි වී ඇත පෙමෙහි තරම නිහඬව සිහි කරන්න
අද මා හැර ගියත් ලොවේ ජය මංපෙත තනන්න
ළය උපදින සෙනෙහෙ නමින් නිරතුරු සුව සැදෙන්න
යළි හමු වන දිනක් නොමැත මුදු පහසක් විඳින්න
පුරනෙමි පෙරුමන් දවසක නුඹ තුරුලෙහි නිදන්න
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
ශෝකය කියන්නෙ රසයක් නම් පැදි පෙලෙන් කියවෙන අදහස චිත්රයෙන් තවත් ඉදිරියට ගෙන යනවා.
ReplyDelete+++++++++++++++++👌💐
බොහෝම ස්තූතියි ඔබට මෙහි අදහස් දැක්වූවාට.
Deleteවියෝග දුක දුකක් තමයි ඇති තරමක් එය විඳින්න
ReplyDeleteඒත් ඉතිං හැමදාමත් එපා එගැන පසු තැවෙන්න
බොහොම අපුරුයි ඔබගේ රසවත් කවියට.
Deleteඇත්ත තමයි හැමදාමත් පසුතැවිලි වෙලා වැඩක් නෑ තමයි. අලුත් ලොවක් දිහා බලන්න ඕනනේ. බොහොම ස්තුතියි මගේ කවිය රස විඳ සටහනක් ද තබා ගියාට.
අහිමිවෙයි දෝ ඇතිවෙන පසුතැවිල්ලට ඇතිවෙන අහිමිවිමේ දුක ද මන්දා ලස්සනට මතුවෙනවා. කවදත් වගේ පංකාදුයි.
ReplyDeleteවෙනසකටත් එක්ක, කාලෙකට පසුව බ්ලොග් රෝල පෝස්ට් එක පෙන්වනවා අද, ඊයේ රැයෙ පෙන්නුවේ පරණ එකමයි.
බොහෝම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ඔව් අහිමිවීමේ දුක තමා මේ විඳින්නේ... එත් තාම අහිමි වෙලාමද කියලත් ෂුවර් නෑ ...
Deleteඔව් බ්ලොග් එකේ පොඩි අවුලක් නේද? මට ගොඩ දෙනෙක්ගේ බ්ලොග් දැන් සති ගානකින් update වෙලා නෑ කියලා තමයි පෙන්නේ.
👍👍👍
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබගේ පැමිණීමට සහ ප්‍රතිචාරයට.
Deleteවියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්... කියල කියනවනෙ 💔
ReplyDeleteඔව් අපි ගොඩාක් වෙලාවට දෙයක් නැති වනතුරු එහි වටිනාකමක් දකින්නේ නෑ තමයි.
Deleteබොහෝම ස්තුතියි ඔබගේ පැමිණීමට සහ ප්‍රතිචාරයට.
අපේ කාලයට අයිති ප්‍රේමයක්!
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබගේ පැමිණීමට.
Deleteඑහෙමද?
ප්‍රේමය, වේදනාව, අහිමිවීම, එක එක කාලවලදී එක එක විදිහට ලෝකේ වටේ කැරකෙනවා නේද?