Saturday, August 15, 2026

සඳු එපා මගෙ ලොවට (ශනිදා දහයට)





සඳු එපා මගෙ ලොවට

මැවු සිහින පොද තාම තනි රකියි මගෙ           හදට

ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි             පෙමට

දින ගණන් මඟ බලා සිටිමි එන තුරු              පැලට

යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ             මෙමට


බැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය     ලන්වීම

යලි යලිත් දකින්නට මඟ බලයි                  තුන්යාම

නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය               හින්දාම

ළය දවයි දරාගනු හැකිද මෙම                  වෙන්වීම


මටම පමණක් උරුම බවකි හද           කොඳුරන්නෙ

උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි      නළියන්නෙ

අද හෙටම එයි කියා දුකද තුනි               කරගන්නෙ

මදනලක ඔතා එව් හාදුවයි                    එයදන්නෙ


~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~


~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

12 comments:

  1. ++++++

    නුඹ රැගෙන ගිය හිතත්
    තාම නුඹ ළඟම ඇති,
    මතකයක් වී හමන
    මදනලත් නුඹම වෙති.

    ReplyDelete
    Replies
    1. නුඹ දොඩන රස වදන්
      තුලම සිත බැඳී ඇති
      මතකයන් සිත පිනයි
      පෙම් සුවඳ රැඳී එති

      බොහෝම ස්තූතියි මයියා මගේ සිතිවිලි නිවසට පිවිස ප්‍රතිචාර දැක්වූවාට 🙏

      Delete
  2. හද පෙළන පාලුව පදපෙලේ අනික් කොනේ කතාව කියලා හිතුනා, ඒ වගේම මතුවෙන අහිංසක, කුළුදුල් හැඟීම මතු කරන පදපෙල හරිම අලංකාරයි. ජය!

    ReplyDelete
    Replies
    1. ආ..නේ.. කල්පනා කරලා බලද්දී ඔබ නිවැරදියි කියලාත් හිතුනා. ඒත් මම එහෙම හිතලා ලියුවේ නෑ.
      බොහෝම ස්තූතියි මගේ නිවහනට පිවිස ප්‍රතිචාර දැක්වූවාට 🙏

      Delete
  3. කවි පෙලත්, පින්තූරයත් දෙකම අගෙයි.👌

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි බස්සා මගේ සිතිවිලි නිවසට පිවිස කවි රස වින්දාට. 🙏

      Delete
  4. කවිය නුඹේ ළඟ
    නුඹේ හිත මා ළඟ
    සඳක් නොමැතිය මට
    තබා ආ හෙයින් මම

    ReplyDelete
    Replies
    1. වෙමිය ඔබේ සඳ
      නුඹේ පෙම් සිත ළඟ
      අමාවක අහස යට
      උවද හද එළිය වන

      ඔබේ කවිය නම් හරිම අපූරුයි. මමත් පිලිතුරක් ලියුවා අහිතක් හිතන්න එපා.
      ඉතින්... සුපුරුදු පරිදි මගේ නිවහනට ගොඩ වැදී ලස්සන කවියකුත් සමඟම සටහනක් තබා ගියාට ඔබට තුති.

      Delete
    2. අහිතක් හිතනුයේ කෙලෙස
      අමාවක රැයකට එළිය
      දුන් සඳක් වූ නිසා ඔබ
      පාළුව මකා මා සිත

      Delete
    3. සිතිවිලි අති මිහිරිය
      දිව රෑ ගෙනෙයි අසිරිය
      ඉඳ හිට නැගෙන කෙඳිරිය
      බිඳ දමා අපි පදිමු දිවිරිය

      ඔබේ කවිකාර කම නම් හරිම අගෙයි සොහොයුර

      Delete
    4. පාළුව දැනෙන විට ඔබ සිහි වෙන හන්දා
      දිවිරිය තනිව පැද යන්නට බැරි හින්දා
      ඈ සමගින් අතිනත් පැටලුන හන්දා
      මමත් ඔන්නොහේ හෙමිහිට මෙහෙ බැන්දා

      ගණ තිබ්බ හරිද මන්ද

      Delete
    5. සමාවෙන්න මෙයට ප්‍රතිචාර දක්වන්න පමා උනාට. මට එක මඟ හැරිලා. මෙහි එළිසමය තබා ඇති අයුරු නම් ඉතාම ලස්සනයි.
      කවියේ අදහසත් ඉතා ඉහලයි. කියන්න උවමනා දේ හරියටම කවියෙන් පවසා තියෙනවා.

      Delete