මන් පොඩි කල ගම මායිමෙ දිය පිරි නිල් දොළකී
ඉන් අද්දර තිබු අප නැණ පැහැදුව සිප් හලකී
රන් තරු සේ දුව පනිනා දරු පැටවුන් රැසකී
මල් මැණිකේ නුඹ ඒ මැද රඟදුන් පුන් සඳකී
සල් සපු නිල් මානෙල් පිපි කුසුමන් නැත අඩුවක්
නිල් අහසේ රඟ දෙන විහඟුන් පැවසුවෙ රහසක්
පෙම් බැඳි සිතකට ලංවී විඳ ගමු සුව පහසක්
රන් මැණිකේ නුඹ සඳ වත ගෙන දෙයි හද සිසිලක්
යන් පන්සල් පුදදෙමු හද බැතියෙන් සුදු කුසුමන්
පින් පුරවමු මතු බවයෙත් ඉටු වන ලෙස පැතුමන්
සිත් සතුටින් විඳ ගමු එකිනෙක උපදින හැඟුමන්
කල් බලමින් ලැබගමු අවසන් දවසෙද බුහුමන්
( තෙනෙත් ඡන්දස - දිගෝවිලි විරිත ඇසුරෙන් )
විරිතේ ස්වභාවය -
*එක් පාදයකට මාත්‍රා 22 කි.
*පාදවල ලඝු හෝ ගුරු භේද නැත.
*යතිය තැබිය යුතු ස්ථානයක් පිලිබඳ නිශ්චිත සදහනක් ද කර නැති විරිතකි.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
බොහොමත්ම රසවත්.. හිතට දැනෙන රස සිතුවිලි ... අගෙයි
ReplyDeleteබොහොම ස්තූතියි ඔබ තුමාට සුපුරුදු ලෙන්ගතු කමින් අදත් මගේ සිතිවිලි නිවහනට පිවිස මගේ කවි රසවිඳ සටහනක් ද තැබුවාට.
Deleteසුමියුරුයි!
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ කවි රස විඳින්න මගේ සිතිවිලි නිවහනට ගොඩ වැදුනාට
Deleteඅප කුඩා කල දුටු, ගමේ අසිරිය ලෙසටම දැනෙනා කවි පන්තියක්. ස්තූතියි.👌💐
ReplyDeleteඒ ගම අද තියෙන්නෙ හිතේ විතරයි. ගම වෙනස් වෙච්ච එක ගැන අහිතකුත් නෑ. ආතල් කැඩෙන නිසා ආයෙ ගමේ යන්න අදහසකුත් නෑ.
ගූගල් ස්ට්‍රීට් එකෙන් උඩින් ගිහින් ගමට බැස්ස කලට
පහල වෙලේ ගුරු පාරට තාර දාලා තිබුනි යසට
රබර් වත්ත කොටස් කරල, "කුරුලු උයන" යැයි කිව්වට
කුරුලන් නැත, මල් මැණිකේ සඳ පායල ඩුබයි රටට
බොහොම ස්තූතියි ඔබට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවහනට ගොඩ වැදුනාට.
Deleteඔව් මමත් නිතරම ගැමි සුවඳ ගැන ගම ගැන කවි ලියුවාට ඒ පුංචි කාලේ අපි රස විඳි ගම නම් දැන් නෑ තමයි. මොනා කරන්නද... ටෙකනලෝජියා ඇවිත් තමයි ගම වෙනස් උනේ. කුඹුරු හාන මී හරකෙක් වත් දකින්න නෑ. දැන් නම් මීහරක් හිටියට කුඹුරක් හොයා ගන්න නෑ.
කවියත් ලස්සනයි. කවියෙන් කියැවෙන කතාවත් ඇත්ත තමයි .
සැමදෙන සොයා යන එහෙත් හමුනොවන පරමාදර්ශී ජීවිතය!
ReplyDeleteඔව් ඔව් ඔබ හරි.. මේ වගේ දේවල් හම්බෙන්නේ පොත් පත් වලම තමා. සැබෑ ජීවිත බොහොම විරලයි.
Deleteබොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩවී සටහනක් තබා ගියාට.
කුරුණෑගල පැත්තේ මෙහෙම ගම් තවම තියනවා . ඇවිත් යන්න එන්න . මීහරක් රැලක් එක්ක ඔට්ටු වුනා ඊයේ පෙරේද . වාහනේ නවත්ත ගෙන හිටිය පාර පැනල යනකන් . තුන්වෙනි කවි පේලියේ තුන්වෙනි පේලිය කිසිම විරිතකට ගැලපෙන්නේ නැහැ වගේ . මුල් පද පේලිය දිග වැඩියි . (තුන් වෙනි එකේ )
ReplyDeleteආනේ අහන්නත් ආසයි. ඔබ දැන් ඉන්නේ ලංකාවේද? මොනාද ලංකාවේ අලුත් තොරතුරු.
Deleteබොහොම ස්තුතියි. කවිය ගැන කතා කලාට. ඔබ ඉතා ඕන කමින් මගේ කවිය අධ්‍යනය කර ඇති බවක් හැඟුනා. වචන වැඩි නිසා දිග වගේ පෙනුනාට මාත්‍රා ගණන නිවැරදිව තියෙනවා. පොඩ්ඩක් තාලයට ගයලා බලන්නකෝ එතකොට හරි.