ඉපදුන බාල විය ගතකළ සොඳුරු බිමයි
නෙක ඵල වැලින් පෝෂිත පින්සාර කෙතයි
වඳුලේ රඟන සියොතුන්ගේ මිහිරි නදයි
දෙනයන පිනයි මගෙ හදවත සලිත කරයි
නිලඹර වලාවන් රූ සිතුවම් මවන
සිසිලස ගෙනෙන නෙක තුරු නළවන පවන
කිරිවැදි බන්ඩි ගොයමද දෙනයන පිනන
පිවිතුරු ගැමි සුවඳ ඇතිදෝ වෙන කොතැන
සවනත පිනන රස හඬ මැව් උණ පඳුරු
දැහැනත බිඳියි හෙමිහිට දෙසවන තැවරු
එරබදු මලින් පිරි මනරම් දොළ ඉවුරු
මතුකළ හැඟුම කරනට නොහැකිය අකුරු
මවමින් සිරිය කොවුලා රඟදෙයි සිත්සේ
දසතින් හඬයි ගිනි කෙළි තුන් යම තිස්සේ
එබිකම් කරයි මුං ගුලි දුම උඩ මැස්සේ
රඹකැන් තුටිනි ගහකින් හෙමිහිට බැස්සේ
කෝවිලෙ, පල්ලියේ, පන්සලෙ බුදු මැදුරේ
නාදෙන් ඔකඳවූ මිහිරෙන් කිරි ඉතිරේ
ජීවන ගමන සව් සත වෙත සෙත පැතිරේ
මේ සුභ පැතුම් ඔබ සැමටයි මගෙ මිතුරේ
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබටත් සාමය සතුට සපිරි සිංහල අළුත් අවුරුද්දක් වේවා!
ReplyDelete
Deleteබොහොම ස්තුතියි බසු රාලේ
ලෝක සාමය , ඔබට සාමය , අපි ඔක්කොටම කිරියෙන් පැණියෙන් උතුරන නව වසරක් වේවා
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ පැතුමට.
Deleteඔයාටත්, ඔයාගේ පවුලේ සැමටත්, අන් හැමෝටත්... සුබ නව වසරක් වේවා! සාමය සම්පත උදාවේවා. ජය 💐🙏
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ පැතුමට.
Delete