සිත සෙනෙහෙ විඳිමින
මඟ තොරතුරුද අසමින
සොමි රුව සිතෙහි දරමින
ඇවිද යමි නුඹ සොයමින
මද සිසිල දනවන
හදවතද නිති සරසන
දෙකොපුල මතෙහි නැළවෙන
කියඹු වැල මත එතෙමින
මුවද සිප ගෙන ඇති
දෙතොලෙහි රසය විඳ ඇති
නමුදු මට නුඹ හිමි නැති
ලොවෙහි තනිවෙමි මම නිති
නුඹ ට තුරුලුව සිට
යන එන ගමනෙ සැමවිට
ළඟම නිති සුව සැදුමට
සිටිමි එයමය මගෙ තුට
නොයනු යලි අතහැර
නසනු මැන හද කළුවර
පිදුවිට සෙනෙහෙ ගරුසර
පහව යත දුක පපුතුර
( 'යහ ගී' විරිත ඇසුරෙන්)
විරිතේ ස්වභාවය
* මෙහි මාත්‍රා පිහිටීම 9, 11, 11, 11 වශයෙන් වෙයි.
* මෙම විරිතෙහි විශේෂම ලක්ෂණය නම්, විරිත සඳහා යොදා ගන්නා සියලුම අක්ෂර ලඝු අක්ෂරම පමණක් වීමය....
* එළිසමය යෙදීම අවශ්‍යම නැතිමුත්, එසේ කිරමෙන් කවියට අලංකාරයක් එක් කරයි.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
++++++++++++++++++👌
ReplyDeleteබොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනට. ඔබගේ ප්‍රතිචාරය මගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වෙනු ඇත.
Delete"මට නුඹ හිමි නැති" කියලා පසුව "නොයනු යළි අතහැර" කියන්නේ ඇයි?
ReplyDeleteබොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනට.
Deleteමෙතැනදී මම මුලින්ම කියන්නේ ජිවිතේ ස්වභාවය.
අපි හමු වෙනවා වෙන් වෙනවා.
මම ඔයාව හොයාගෙන ආව. ඈත ඉඳන්. ඔයාට සුව සදන්නයි මට ඕනේ. ඔයා ලඟින්ම ඉන්න මම ආසයි.
එත් .. මාව පෙනෙන්නේවත් නැති මානෙකට ඔයා ගියාම......
අනේ එහෙම යන්න එපා.
හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇතිකරගෙන ඉන්නේ සහ පොඩි ආයාචනයක් කරලා බලන්න හිතුනා අත හැරලා යන්න එපා කියලා.
ඒ මගේ අදහස.
Litseekerට අතුවුන ගැටලුවම තමයි. අනියම් සබඳකමක්ද මන්ද 🙄
ReplyDeleteබොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනට.
Deleteඑහෙම තමයි ඉතින් කවියක් උනහම. ඔයාට ඕනෙම කෝණයකින් බලන්න පුළුවන්.
අපි එක එක්කෙනාගේ අදහස් වෙනස්.
ඔයා අඳුරු කුටියකට ගිහිල්ලා කවුළු පියන් වහගත්තහම මම කොහොමද ඔයා ලඟට එන්න.
මගේ සතුට ඔයා ලඟටම වෙලා ඉන්න නම් .......
'නොයනු යලි අතහැර'
බලාගෙන ගියහම සුළඟට ත් කොයි තරම් නම් අනියම් සම්බන්ධතා තියෙනවා ඇතිද? කී දෙනෙක් ලඟට මෙහෙම යනවාද? ;-)
හුම්.....
Delete+++++++++++
ReplyDeleteබොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනට.
Deleteකොහොම කියන්නද මන්දා.... අපූරු වචන ගැලපීම ... ඒ විතරක් නෙවෙයි .. බොහොමත්ම රසවත් අදහසක් පදයෙන් පදය ගලපා තියෙනවා..අපූරු සිතිවිලි සමුච්චයක් ..
ReplyDeleteබොහොම ස්තුතියි ඔබ තුමාට. මගේ නිවහනස පිවිස මගේ කවිද කතාද රසවිඳ ඔබගේ අදහස මෙහි සදහන් කලාට. ඔබගේ සැම අදහසක් විවේචනයක් ගුණ දොස් සියල්ලම මගේ ඉදිරි ගමනට ඉතාම රුකුලක් වෙනවා නොඅනුමානයි
Delete