ඔයාව මට හමුවුන හැටි අදටත් හරියට චිත්‍රපටියක් වගේ මගේ මතකෙට එනවා.
ඒ නිලුපුල් ඇස් වලින් දෝරෙ ගලා ගිය ආදරේ තේරුම් ගන්න මට අමාරු වුණේ නෑ. අපිටම අපි ආදරේ කරන බව දැන ගත්තහම මට දැනුන හැඟීම විස්තර කරන්ඩ ඇත්තටම මගේ ළඟ වචන තිබුණේ නෑ. මට දැනුනේ අපි භවෙන් භවේ අපිටම උරුම වෙලා උපත ලබන්න ඇති කියලා ඒ තරමටම මං සතුටට පත්වෙලා හිටියේ. ඔයාත් එහෙමයි කියලා මම හිතුවා.
පසුගිය කාලය තුල සිදුවුන කිසිම දෙයකට ඇහුන්කම් දෙන්න තරම් ඔයා සුදානම් නැති නිසයි අවසානේ මෙහෙම ලියලා තියන්න මම තීරණය කලේ. මමත් තවම හිතනවා අපිට වැරදුනේ කොතනද කියලා.
අපේ ආදරය ටික ටික ලියලනකොට ඔයාලගේ ගෙදර ඇවිල්ලා අප්පච්චිගෙන් ඔයාව ඉල්ලන්න තරම් මට හයියක් තිබුණේ නැත්තේ ඒ වෙනකොට ඔයාව රකින්න තරම් හොඳ ආදායම් මාර්ගයක් මට නොතිබුන නිසායි.
ආදරේ නාමෙන් ඔයාව කැන්දගෙන ගිහිල්ලා හරියට කුසට හරක් නැතුව ආස හිතෙන දෙයක් අරන් දෙන්න බැරුව ඔයාට දුක් දෙන්න නරම් ආත්මාර්ත කාමී වෙන්න මගේ හිත මට ඉඩ දුන්නෙම නෑ. හැමදාමත් මගේ හදවත් මාලිගයේ ඔයාව රැජිණක් කරලා ඔටුණු පලන්දන්න තමා මම පෙරුම් පිරුවෙ.
ඒ හින්දම තමයි ලැබෙන කුමක් හෝ රැකියාවක් කරන්ඩ ඕන කියලා හිතාගෙන මම පිස්සෙක් වගේ රස්සාවක් හොයාගන්න වැඩිපුර කාලෙ වැය කාලේ. මෙතනදිද මට ඔයාව මඟ ඇරුනේ සුදූ.... ?
මේ වෙනකොට මගේ පස්සෙන් කොයිතරම් නම් ගෑණු ළමයි එන්න අතිද... ඒත් ඔයයි ඔයාගෙ ආදරෙයි නිසා මුලු හදවතම පිරිලා තිබුනේ. ඔයාට වෙන්කරපු හදවතේ තව කෙනෙකුට පුදදෙන්න තමර පුංචිම හෝ ඉඩක් මට තිබුනේම නෑ. ඒ තරම්ම ආදරණීය විදිහට තමයි මම ඔයාට ආදරේ කළේ.
මගේ උනන්දුවේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට මට හොඳ රැකියාවක් ලැබුනාට පස්සෙ සාර්තක පුද්ගලයෙක් විදිහට පුංචි ගෙයක් හදලාම ඔයාව කැන්දගෙන යන්න හිතාගෙන තමයි පොඩි ඉඩම් කැල්ලකුත් අරගෙන ඉදිරි වැඩටික පටන් ගත්තේ.
මේ වෙනකොට ඔයා ටිකෙන් ටික මගෙන් ඈත් වෙන්න පටන් අරගෙන බව ඉඟියකින් වගේ මට දැනෙනකොට කොයි තරම් නම් මම අසරණ උනාද කියලා දන්නේ මමම විතරයි. ඒත් නිකමට වත් ඒ ගැන කතා කරන්න තරම් වත් ඔයා මට ඉඩක් නොදීම ගැන අදටත් මම හිතන්නෙ වේදනාවෙන්. ඒ සැකයේ බීජය කොහොම කවුරු ඔයාගෙ හදවතේ රෝපනය කලාද කියන්න මම දන්නෙ නෑ.... ඒ වුනාට ඒ ගැන කතාබහ කරලා විසදුමකට එන්න තරම් සූදානමක් ඔයා ලඟ තිබුනෙත් නෑ.
මටත් ලැබුනා ආරංචි මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබිලා කියලා. හේතුව ඒකමද මගෙ මැණීක?
අපි දෙන්නාම එකතුවෙලා ගොඩනගාගන්න හිටපු කැදැල්ලෙ අද මම තනියම සුසුම් හෙලනවා. ඔයා ඇර වෙන කිසිම කෙනෙකු මේ කැදැල්ලට හිමිකාරිය වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.
අදටත් ඔයා මගේ ලඟට එනවානම් ඔයාව පිළිගන්න මගෙ මුලු ආත්මයම සූදානම් වෙලා ඉන්න බව ඔයා දන්නවා නම්.....
කරන්න කිසිත් ඉතුරු වෙලා නෑ. කියන්න කෙනෙකුත් ලඟ නෑ.. දුම් වැටියෙන් ගුවනට මුසුවන විවිධ හැඩ තල දිහා බලාගෙන කල්පනා කරනවා ඇරෙන්න.
ඒ වගේ වෙලාවල් වල හිතේ තෙරෙපෙන කවි සිතිවිලි වචන වෙලා මේ විදිහට කොල කෑල්ලක සටහන් වුනේත් ඒ දුක නිවන්නම වෙන්න ඇති.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
තමන් හිතාගෙන විතරක් ඉඳල අනිත් කෙනාට කියන්නේ නැතිව වද කරන කොට ඉතින් ඒ මනුස්සය මොනවා කරන්නද . කොහොමත් මිනිස්සු විරහ වේදනාවට කැමතියි
ReplyDeleteදෙන්නාම එකතු වෙලා සිහින මවලා එකපාරටම වෙනස් උනහම ඉතින් ප්‍රශ්නයක් තමා අයියන්ඩියේ.. නැද්ද හා.... මෙතනත් උනේ ඒකමයි. හරිහමන් රස්සාවක් නැතිව දෙමව්පියන්ට කියන්නේ කොහොමද?
Deleteබොහෝම ස්තූතියි ඔබට ප්‍රතිචාර දැක්වූවාට.
හ්ම් ....කතාව , කවිය වගේම ඩිජිටල් පින්තුරෙත් නියමයි.
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ ඔබගේ කාරුණික ප්‍රතිචාරයට සහ මගේ සිතිවිලිමංපෙත නිවහනට ගොඩ වැදුනාට.
Delete