සෙනෙහෙන් සැදුම් ලත් අමයුරු මියුරු තෙද
හැඟුමෙන් ලයට තෙරපී සුව විඳින ලද
පැතුමන් එතී ආ මිහිරක අරුම පද
අතරින් තෙපුල් දිය දිවියට අරුත බැඳ
තවමත් එදා මෙනි වෙනතක නැති බැඳිලා
සතුටක් වෙසින් රජ වෙන සෙනෙහයෙ එතිලා
සහසක් පැතුම් තෙරපෙයි හද විල පිපිලා
මදහස් මුවින් කොඳුරයි ඔබ මගෙ කියලා
ලඟ දැවටෙමින බිඟු ලෙස සියුමැලි මලට
දුක හා සැපත සම ලෙස මුසුකර පෙමට
හද නැඟි සුසුමකින් දී උණුහුම බරට
වෙනු මැන වාසනාවන් අද වගෙ හෙටට
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
අතැඟිලි බැඳී එක්වන කාරණාවන්
ReplyDeleteසිතුවිලි පිරී නොමවෙයි වේදනාවන්
සැරසිලි කරමි මේ සිත භාවනාවන්
සියුමැලි නුඹව සැමදා වාසනාවන්...
අදයි මේ පැත්තට ආවෙ
ලස්සනයි
ජයවේවා
බොහොම ස්තුතියි. ඔයාගේ කවියටත් ස්තුතියි. දිගටම මේ පැත්තේ එන්නේකෝ ඇවිල්ලා යන්න.
Deleteඅපූරු පදපෙලක්....අදමයි ආවේ..
ReplyDeleteබොහොම ස්තුතියි මගේ ගෙට ගොඩ උනාට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.
Deleteඔයාගේ ලිපිනයත් එව්වානම නිවාඩු වෙලාවක මට ගොඩවෙලා යන්න තිබ්බා නේ...හ්
http://kavisandalla.blogspot.com/
Deleteලස්සනයි කවි ටික... අපූරුයි.
ReplyDeleteජය වේවා
බොහොම ස්තුතියි
Deleteහ්ම් කාටකාටත් වාසනාවන් කිව්ව හැමදාටම 🙏!
ReplyDeleteහ්ම්... බොහොම ස්තුතියි කිව්වා මාත් ඔන්න එහෙනම්
Delete👌👌👌
ReplyDeleteබොහොම ස්තුතියි.
Delete