Friday, October 20, 2023

ඔබ මට වාසනාවන් (ශනිදා දහයට)


සෙනෙහෙන් සැදුම් ලත් අමයුරු මියුරු  තෙද
හැඟුමෙන් ලයට තෙරපී සුව විඳින         ලද
පැතුමන් එතී ආ මිහිරක අරුම              පද
අතරින් තෙපුල් දිය දිවියට අරුත          බැඳ

තවමත් එදා මෙනි වෙනතක නැති      බැඳිලා
සතුටක් වෙසින් රජ වෙන සෙනෙහයෙ  එතිලා
සහසක් පැතුම් තෙරපෙයි හද විල       පිපිලා
මදහස් මුවින් කොඳුරයි ඔබ මගෙ      කියලා

ලඟ දැවටෙමින බිඟු ලෙස සියුමැලි     මලට
දුක හා සැපත සම ලෙස මුසුකර       පෙමට
හද නැඟි සුසුමකින් දී උණුහුම           බරට
වෙනු මැන වාසනාවන් අද වගෙ        හෙටට


~~  ලියෝනි අමරතුංග හැමිල්ටන් ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

11 comments:

  1. අතැඟිලි බැඳී එක්වන කාරණාවන්
    සිතුවිලි පිරී නොමවෙයි වේදනාවන්
    සැරසිලි කරමි මේ සිත භාවනාවන්
    සියුමැලි නුඹව සැමදා වාසනාවන්...

    අදයි මේ පැත්තට ආවෙ
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාගේ කවියටත් ස්තුතියි. දිගටම මේ පැත්තේ එන්නේකෝ ඇවිල්ලා යන්න.

      Delete
  2. අපූරු පදපෙලක්....අදමයි ආවේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ ගෙට ගොඩ උනාට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.
      ඔයාගේ ලිපිනයත් එව්වානම නිවාඩු වෙලාවක මට ගොඩවෙලා යන්න තිබ්බා නේ...හ්

      Delete
  3. ලස්සනයි කවි ටික... අපූරුයි.

    ජය වේවා

    ReplyDelete
  4. හ්ම් කාටකාටත් වාසනාවන් කිව්ව හැමදාටම 🙏!

    ReplyDelete
    Replies
    1. හ්ම්... බොහොම ස්තුතියි කිව්වා මාත් ඔන්න එහෙනම්

      Delete