දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත අඹරේ
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ කතරේ
ගත අඩපනව මියැදෙන අනියත සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද ගැඹරේ
දරු මුණුබුරන් හා සතුටින ගත කෙරුව
දින අවසන්ය උන් හට ඇත ලොව හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි ඔරුව
~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
අප හට අපව හිමිවිය සෙනෙහස දැරුව
ReplyDeleteඑක මොහොතකම අප ගෙනියනු මැන මරුව
ඉක්මන් වෙන්න එපා එයා වෙලාවට එයි.
Deleteහ්ම්. හැම බාදක පරයා ඉදිරියට යන එක තමා එකම විසඳුම!
ReplyDeleteදිගටම ලියන්ට. අනෙක් අය ලියන 'ශනිදා දහය'ට... ඇතුලු වෙන post ලියන blog අඩවි වලටත් ගොඩවෙන්ට.
Deleteඔව් එහෙම තමා වෙන්න ඕනේ භාදක බිඳගෙන ඉදිරියට යමු.
Deleteමම ආව. ඒවා බලලා කමෙන්ට් කලාට එතන මගේ නම තිබුනේ නෑනේ. එකයි අවුල. බ්ලොග් මාස්ටර් මට දීපු අලුත් නම තමා එතන තිබ්බේ.
දැන් ඒ පුරස්නේ හරි ගියා මගේ හිතේ.
"ශනිදා දහයට" අපි එක්ක එකතුවෙයි කියලයි බලාන හිටියේ! ඒත් "අමිල සෙනෙහස" ගැන ලියන්න වෙලාවක් කලාවක් නෑනේ!?
ReplyDeleteඅමිල සෙනෙහස ගැන කතා කරන්න නම් වෙලාවක් කලාවක් ඕනෙම නෑ තමයි.
Deleteඑත් මට ඔබ තුමා කියපු එක තේරුනේ නෑ නේ. ඒ වෙලාවටම එන්න ඕනේ කියන එකද කියන්නේ? පොඩ්ඩක් පැහැදලි කරලා දුන්නා නම් වැරැද්ද හදාගන්න තිබුනා නේද මට.
දුර්ලභ දසුනක් සහ ඒකටම ගැලපෙන කවි පෙලක්. නියමයි.🙏👌
ReplyDeleteබොහොම ස්තුතියි බැස්සො. ඔබේ කොමෙන්ටුවට
DeleteHarima lassanai...👌👌👌
ReplyDeleteThanks dear. :-)
Delete