Friday, October 13, 2023

නොමියෙන සෙනෙහස


දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත     අඹරේ
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ    කතරේ
ගත අඩපනව මියැදෙන අනියත        සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද    ගැඹරේ


දරු මුණුබුරන් හා සතුටින ගත        කෙරුව
දින අවසන්ය උන් හට ඇත ලොව       හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස        දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි           ඔරුව


~~  හැමිල්ටන් ලියෝනි අමරතුංග  ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

11 comments:

  1. අප හට අපව හිමිවිය සෙනෙහස දැරුව
    එක මොහොතකම අප ගෙනියනු මැන මරුව

    ReplyDelete
  2. හ්ම්. හැම බාදක පරයා ඉදිරියට යන එක තමා එකම විසඳුම!

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්ට. අනෙක් අය ලියන 'ශනිදා දහය'ට... ඇතුලු වෙන post ලියන blog අඩවි වලටත් ගොඩවෙන්ට.

      Delete
    2. ඔව් එහෙම තමා වෙන්න ඕනේ භාදක බිඳගෙන ඉදිරියට යමු.
      මම ආව. ඒවා බලලා කමෙන්ට් කලාට එතන මගේ නම තිබුනේ නෑනේ. එකයි අවුල. බ්ලොග් මාස්ටර් මට දීපු අලුත් නම තමා එතන තිබ්බේ.
      දැන් ඒ පුරස්නේ හරි ගියා මගේ හිතේ.

      Delete
  3. "ශනිදා දහයට" අපි එක්ක එකතුවෙයි කියලයි බලාන හිටියේ! ඒත් "අමිල සෙනෙහස" ගැන ලියන්න වෙලාවක් කලාවක් නෑනේ!?

    ReplyDelete
    Replies
    1. අමිල සෙනෙහස ගැන කතා කරන්න නම් වෙලාවක් කලාවක් ඕනෙම නෑ තමයි.
      එත් මට ඔබ තුමා කියපු එක තේරුනේ නෑ නේ. ඒ වෙලාවටම එන්න ඕනේ කියන එකද කියන්නේ? පොඩ්ඩක් පැහැදලි කරලා දුන්නා නම් වැරැද්ද හදාගන්න තිබුනා නේද මට.

      Delete
  4. දුර්ලභ දසුනක් සහ ඒකටම ගැලපෙන කවි පෙලක්. නියමයි.🙏👌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බැස්සො. ඔබේ කොමෙන්ටුවට

      Delete