Friday, July 1, 2022

මගේ රන්කඳ

 

රන් කඳ මාගේ

කෝමළ රන් කඳ  මාගේ
නාඹර බැල්මකි     පෑවේ
මා ළය චන්චල      වූයේ
රෑ දුටු සීනෙක      වාගේ

විල් තෙර ලස්සන   වූවේ
නිල්මිණි කැල්මට   ඈගේ
රන් පැහැ අස්වනු    පීදේ
බක් නැකතින් ලැබ  ජීවේ

කැන්දන යන්නට   ඕනේ
  පැල්පත  දෙන්නට සෑහේ  
හිත්තුල දිස්වෙන   ආලේ
පෙන්වමු මල්බර   කාලේ

( අනුෂ්ටුප් ඡන්දස ට අයත් චිත්‍රපදා විරිත ඇසුරෙන් )

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~

 

මෙය සිලෝ විරිතකි.
පාදයක් "බ" ගණ දෙකක් සහ පාදාන්තය ගුරු දෙකකි (වර්ණ 8කි )
මෙයට එළි සමයක් අවස්‍ය නොවේ.


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

8 comments:

  1. එළි සම, විරිත් දන්නේ නැතුවා... කයිය නම් අගෙයි 🎶

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තුතියි නමි තුමෝ හැමදාමත් දෙන මෙ නිහතමානී ඇඟයීමට.

      Delete
    2. හුම්... මෙන්ට මේකත් බලහන්ට
      http://kavisandalla.blogspot.com/2022/07/blog-post.html

      Delete
  2. කවියත්, එයටම ගැලපෙන පිංතූරයත් දෙකම ලස්සනයි.👌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. අද තමා ඔයාගේ පොස්ට් එක දැක්කේ මොකක් හරි හේතුවකි එක තිබුනේ spam එකේ.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.