රන් කඳ මාගේ
කෝමළ රන් කඳ මාගේ
නාඹර බැල්මකි පෑවේ
මා ළය චන්චල වූයේ
රෑ දුටු සීනෙක වාගේ
විල් තෙර ලස්සන වූවේ
නිල්මිණි කැල්මට ඈගේ
රන් පැහැ අස්වනු පීදේ
බක් නැකතින් ලැබ ජීවේ
කැන්දන යන්නට ඕනේ
පැල්පත දෙන්නට සෑහේ
හිත්තුල දිස්වෙන ආලේ
පෙන්වමු මල්බර කාලේ
( අනුෂ්ටුප් ඡන්දස ට අයත් චිත්‍රපදා විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~~
මෙය සිලෝ විරිතකි.
පාදයක් "බ" ගණ දෙකක් සහ පාදාන්තය ගුරු දෙකකි (වර්ණ 8කි )
මෙයට එළි සමයක් අවස්‍ය නොවේ.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
එළි සම, විරිත් දන්නේ නැතුවා... කයිය නම් අගෙයි 🎶
ReplyDeleteබොහෝම ඉස්තුතියි නමි තුමෝ හැමදාමත් දෙන මෙ නිහතමානී ඇඟයීමට.
Deleteහුම්... මෙන්ට මේකත් බලහන්ට
Deletehttp://kavisandalla.blogspot.com/2022/07/blog-post.html
හා අදනම් බලනවා මයි.
Deleteකවියත්, එයටම ගැලපෙන පිංතූරයත් දෙකම ලස්සනයි.👌
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. අද තමා ඔයාගේ පොස්ට් එක දැක්කේ මොකක් හරි හේතුවකි එක තිබුනේ spam එකේ.
Deleteලස්සන කවියක් ......
ReplyDeleteබොහෝම ස්තූතියි අනුරුද්ධ.
Delete