Friday, June 3, 2022

අලුත ගෙනා මනමාලි 21

  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



 මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ


21 කොටස  

"උඹගේ දුවත් වැඩ කෙරුමට හරි       හපනයි
කපුවා කියුවෙ එහෙමයි අපිටත්         ලැජ්ජයි
උයලා තියන්නට කීවේ එක                දවසයි
වනසා ගියේ කුස්සිය සිටි පැය            ටිකටයි
"

දෙදෙනම එක්ව උණුසුම් ලෙස බැන      වැදිලා
ගමටම ඇසෙන්නට නින්දා ඇති            කරලා
හිමිනම ගමේ හනිකට එතනට             වැඩලා  
අනුශාසනා කෙරුවේ දුර දිග                 බලලා

ඇගෙ යටි සිතේ තිබු ඒකායන              පැතුම
ඉටුවිය ලැබුණි පුතුහට දේපොළ     බොහොම
තැවතිය නොහැක මුදනා ලෙස දුක       සුසුම
පිටකළ යුතුම විය දෙදෙනම ලෙස        නියම

නැන්දගෙ කපටි අරමුණු ඇත        ඉෂ්ටවෙලා
ඉන්නා තැනත් ඇත යමෙකුට        සින්නවෙලා
සන්සුන් සිතින් නිවසින් පිට         වෙන්නවෙලා
දොස් නගනුයේ කිම අපි දැන්        නෑයොවෙලා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 20 කොටසට

👉 22 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. කැපුවනෙ ගැලපෙන්නෙ නැති මගුල් කරලා තියෙන්ටෙ.....

    ReplyDelete
    Replies
    1. මේකත් බලන්ට.....
      http://nidigepanchathanthare.blogspot.com/2022/06/blog-post.html

      Delete
    2. අනේ කපු අයියාට බනින්ට එපෝ. එයා හොඳයි නේ.

      Delete
    3. නමි තුමෝ .. යකූ... හිතුවාට වඩා දිගයි නේ. හිමීට බලන්නම් ඈ.. ගෙදෙට්ටම ගිහිල්ලාම

      Delete
    4. හොඳා හොඳා.... ඒක වඩාත් හොඳා

      Delete
    5. නමිතුමො සමාවෙන්න වැඩ ටිකක් වැඩි උනා.

      Delete