කවි කතාව
පසුගිය කොටසෙන්.................
දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි නගේ
19 කොටස
"ගෙදරට පිරිමි දෑතක ඇති අඩුව වසා
වතුපිටි නිසි අයුරු රැකගත යුතුවු නිසා
මතු පරපුරට වසනට හදවතිනි තොසා
දියුණුව ලබා ගෙනයමු බත සතර දෙසා"
සැමියගෙ සිතැඟි කිසිවිට පිළිගත නොහෙන
පිළිතුර නිසා මව තුළ කෝපය නැගින
සැමගෙම නෙතඟ රැඳි කලබල බව හැදින
මුනිවත රැකිමි මම, එය යහපති සිතින
සැනෙකින අපේ අම්මා තොරතුරු සොයලා
බැලුවනෙ මොකද සැමියා ගෙදරම කියලා
කපුවද අප සැමට යස බොරුවක් කරලා
ඇති බව වැටහුනා මා උගසට තියලා
නැන්දම්මගේ උගුලෙහි සැම දෙන ඇලුනා
රස්සාවකුත් නැති කොළුවට දුව ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක අමුණා
වතුපිටි නිසි අයුරු රැකගත යුතුවු නිසා
මතු පරපුරට වසනට හදවතිනි තොසා
දියුණුව ලබා ගෙනයමු බත සතර දෙසා"
සැමියගෙ සිතැඟි කිසිවිට පිළිගත නොහෙන
පිළිතුර නිසා මව තුළ කෝපය නැගින
සැමගෙම නෙතඟ රැඳි කලබල බව හැදින
මුනිවත රැකිමි මම, එය යහපති සිතින
සැනෙකින අපේ අම්මා තොරතුරු සොයලා
බැලුවනෙ මොකද සැමියා ගෙදරම කියලා
කපුවද අප සැමට යස බොරුවක් කරලා
ඇති බව වැටහුනා මා උගසට තියලා
නැන්දම්මගේ උගුලෙහි සැම දෙන ඇලුනා
රස්සාවකුත් නැති කොළුවට දුව ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක අමුණා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
👈 18 කොටසට
👉 20 කොටසට
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
ඒ කියන්නෙ කපල් එක හොඳටම මැචින් 😄
ReplyDeleteඉහි..... හි..හි.... නැතුව නැතුව...
Delete