බලමි පෙර මග
සෙනෙහස නිසා රැඳුනේ නුඹ පහසේම
මුහු වී ගියේ හදවත් රන් රසසේම
හැර ගිය ඔයා ඒවිද හොර රහසේම
එන මඟ බලා සිටියා මම පෙරසේම
හද පතුලෙන්ම පිබිඳුනු නුපුරුදු හැඟුම
පියඹල ගොසිනි නැත පැතුවේ නම් එහෙම
කෙලෙසක විඳිමි දැනෙනා පාලුව මෙහෙම
නෙතු බොඳ කෙරේ තුන්සිත වාවනු කොහොම
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
Wow 😍😍😍👌👌👌👌❤️❤️❤️
ReplyDeleteThank you dear
Delete