Wednesday, September 23, 2020

බලමි පෙර මග

 

බලමි පෙර මග  
 
සෙනෙහස නිසා රැඳුනේ නුඹ          පහසේම
මුහු වී ගියේ හදවත් රන්                රසසේම
හැර ගිය ඔයා ඒවිද හොර             රහසේම
එන මඟ බලා සිටියා මම              පෙරසේම

හද පතුලෙන්ම පිබිඳුනු නුපුරුදු          හැඟුම 
පියඹල ගොසිනි නැත පැතුවේ නම්      එහෙම
කෙලෙසක විඳිමි දැනෙනා පාලුව      මෙහෙම
නෙතු බොඳ කෙරේ තුන්සිත වාවනු කොහොම

 

~ ~ ලියෝනි අමරතුංග ~ ~ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

2 comments: