පිවිතුරු මල් වලට
විසිතුරු පාට මුහු කොට
හැඩ දමල කදිමට
මියුරු තනුවට සැලෙයි සුළඟට
බඹරුන් රොන් බිඳට
ලොබ වී ඇදෙයි හනිකට
පරවු කල අකලට
වහා පියඹයි තවත් මලකට
සෙනෙහස බිඳුන දින
නිලුපුල් නුවන් යුග කොන
උණු කඳුළු මතු වන
ගතු කියයි මිහිකතට, සිඹිමින
ලොව සොභා දහමට
නතු වී තිබෙයි සැමවිට
දිවිය ජය ලැබුමට
වෙහෙස වනු මැන නොවී පසුබට
( මහ පියුම් ගී විරිත)
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

නියමයි . විරිතට කදිමට ගැලපෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට අනුරුද්ධ
Delete