Wednesday, August 12, 2020

කියන් කෙසේ මම හදවත වාවන්නේ ......



කියන්  කෙසේ මම හදවත වාවන්නේ ...
 
එරබදු මල් පිපී දසතම දෙන           සුවඳ
අමයුරු මියුරු හසකැන් සිහිවෙන    නිබඳ
අසිරිය කෙතේ කිරි වැදි ගොයමක   සුහද
ඇරයුම හද පෙළයි ඔබ නැති දින     මහද

රබන් සුරල් හඬ සවනත        හඬවන්නේ
වහන් වෙලා කිම නෙතු යුග   වැළපෙන්නේ
සහන් සිතින් සිට තුන් යම        අයදින්නේ
කියන් කෙසේ මම හදවත       සනසන්නේ
  
නුඹ නැති කලට අවුරුදු අසිරිය     කොහිද
හදවත පෙළන තනිකම නුහුරුය       සබඳ
කොවුලගෙ නදින් දෙසවන පිනවනු   හැකිද
රුව දැක ගන්න යලි ගම එන දින      ළඟද
 
~ ~ ලියෝනි අමරතුංග ~ ~
 
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

8 comments:

  1. කොවුලගෙ නදින් තුන්සිත පිනවනු හැකිද

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අනුරුද්ධ.
      කොවුල් නදට සතුටුක් ආව ඒත් එයා එන්නම ඕනෙ.
      නැත්නම් අවුරුදු සිරියාව නැහැ.

      Delete
  2. You have very good skills on writing poetry. Especially 'chandas kavi.' Read a lot and write a lot. I really like your 'Rathmaliye..' poem. Good Luck!
    Swarna Chandrasekera

    ReplyDelete
  3. පුන්සද රෑට - රත්නශ්‍රිගෙ පද මතක් වුනා....

    ReplyDelete
    Replies
    1. ඇත්තද? බොහෝම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.