Wednesday, August 12, 2020

කියන් කෙසේ මම හදවත වාවන්නේ ......



කියන්  කෙසේ මම හදවත වාවන්නේ ......
 
එරබදු මල් පිපී දසතම දෙන                  සුවඳ
අමයුරු මියුරු හසකැන් සිහිවෙන            නිබඳ
අසිරිය කෙතේ කිරි වැදි ගොයමක           සුහද
ඇරයුම හද පෙළයි ඔබ නැති දින            මහද

රබන් සුරල් හඬ සවනත                  පාරන්නේ
වහන් වෙලා කිම නෙතු යුග           වැළපෙන්නේ
සහන් සිතින් සිට තුන් යම                අයදින්නේ
කියන්  කෙසේ මම හදවත                වාවන්නේ
  
නුඹ නැති කලට අවුරුදු අසිරිය             කොහිද
හදවත  පෙළන  දුක කෙලෙසක            වාවමිද
කොවුලගෙ නදින් තුන්සිත පිනවනු           හැකිද
රුව දැක ගන්න යලි එන්නේ              කෙදිනකද
 
~ ~ ලියෝනි අමරතුංග ~ ~
 
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

8 comments:

  1. කොවුලගෙ නදින් තුන්සිත පිනවනු හැකිද

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අනුරුද්ධ.
      කොවුල් නදට සතුටුක් ආව ඒත් එයා එන්නම ඕනෙ.
      නැත්නම් අවුරුදු සිරියාව නැහැ.

      Delete
  2. You have very good skills on writing poetry. Especially 'chandas kavi.' Read a lot and write a lot. I really like your 'Rathmaliye..' poem. Good Luck!
    Swarna Chandrasekera

    ReplyDelete
  3. පුන්සද රෑට - රත්නශ්‍රිගෙ පද මතක් වුනා....

    ReplyDelete
    Replies
    1. ඇත්තද? බොහෝම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට

      Delete