කියන් කෙසේ මම හදවත වාවන්නේ ...
එරබදු මල් පිපී දසතම දෙන සුවඳ
අමයුරු මියුරු හසකැන් සිහිවෙන නිබඳ
අසිරිය කෙතේ කිරි වැදි ගොයමක සුහද
ඇරයුම හද පෙළයි ඔබ නැති දින මහද
රබන් සුරල් හඬ සවනත හඬවන්නේ
වහන් වෙලා කිම නෙතු යුග වැළපෙන්නේ
සහන් සිතින් සිට තුන් යම අයදින්නේ
කියන් කෙසේ මම හදවත සනසන්නේ
නුඹ නැති කලට අවුරුදු අසිරිය කොහිද
හදවත පෙළන තනිකම නුහුරුය සබඳ
කොවුලගෙ නදින් දෙසවන පිනවනු හැකිද
රුව දැක ගන්න යලි ගම එන දින ළඟද
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
කොවුලගෙ නදින් තුන්සිත පිනවනු හැකිද
ReplyDeleteබොහෝම ස්තූතියි අනුරුද්ධ.
Deleteකොවුල් නදට සතුටුක් ආව ඒත් එයා එන්නම ඕනෙ.
නැත්නම් අවුරුදු සිරියාව නැහැ.
You have very good skills on writing poetry. Especially 'chandas kavi.' Read a lot and write a lot. I really like your 'Rathmaliye..' poem. Good Luck!
ReplyDeleteSwarna Chandrasekera
Thanks so much for your encouraging words.
DeleteI am getting New Year feelings
ReplyDeleteබොහොම ස්තුතියි අසජ.
Deleteපුන්සද රෑට - රත්නශ්‍රිගෙ පද මතක් වුනා....
ReplyDeleteඇත්තද? බොහෝම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට
Delete