නුඹේ නෙතේ කොනකින්
හෙලූ බැලුම් සැනෙකින්
කියූ වදන් රැසකින්
තබයි දුකත් පසෙකින්
වහන් වෙලා හෙමිහිට
කියන් හිතේ දුක මට
වැටී දනින් සැම විට
දුකින් හඬා කුමකට
සුපිහිටි ඡන්දස - සසපුලුතු විරිත ඇසුරෙන්
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
කවදත් වගේ ලස්සන පද ගැලපුමක්, ඔබේ කවි හරිම මිහිරියි.
ReplyDeleteගල්මල් ඔයාට බොහොම ස්තුතියි. මගේ සිතිවිලි නිවහනට ගොඩ වී කවි රස විඳ ප්රතිචාර දැක්වීම ගැන.
Delete