විසිරුණ පිණි පෙතිමත - වැද දිදුළන - නිසල රැයක
මුකුලිත තරු ගගනත - නිදි කිරමින - සිටින කලෙක
පියකරු නුඹ උවනත - මත සැතපුන - කියඹු වැලක
එතෙමින රතු දෙතොලත - පෙම කොඳුරන - මිහිරි මතක
පෙරදින අතිනත ගෙන - රන් හුයකින් - බැඳ අතැගිලි
අප අපගෙම වුන දින - මුදු හදකින් - විඳ සැනසිලි
සමුගෙන ගිය බව දැන - නෙතු කොනකින් - ඉනු කඳුළැලි
රිදවන කල මා මන - මොන හිතකින් - දෙමි හසරැළි
( තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත)
~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦

වින්දෙමි අලංකාර පදගෙතුමක්, අගෙයි.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ නිහතමානී ඇගැයීමට.
Delete++++++++++++++++++++
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ නිහතමානී ඇගැයීමට.
Deleteකවියෙහි රිද්මය කියැවෙන අදහසට ගැළපෙන බවක් පේනවා.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ නිහතමානී ඇගැයීමට.
Deleteබැඳලා ඩිවෝස් වෙච්චි කතාවක් වගේ , ලස්සනයි
ReplyDeleteඔව් ඔබට හැඟෙන ඕනෙම විදිහකට කවිය විඳගන්න ඔබට පුළුවන්. මම තහංචි දමන්නේ නෑ. බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී ප්රතිචාරයට
Deleteඅගෙයි! ඇත්තටම නියමයි... 🙌❤️
ReplyDeleteමෙහෙම එක එක විරිත්, ආරවල් වලට ලියන එකත් මරු ✌️
බොහොම ස්තුතියි. කාලෙකින් නේද?
Deleteකවියට මම ආසයි නේ. ඉතින් එක එක විදිහට ලියලා වින්දනයක් ලබනනවා.