(උතු ඡන්දසට අයත් උවදෑ විරිත ඇසුරෙන් )
*පාදයක මත් 12 කි.
*මත් දහයකින් පසු ගුරක් යෙදිය යුතු ය.
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
යන්නට හිත නැත පාසැල්
ReplyDeleteගමේ පාසැල තරම්ම
හිතට ආවේ නැහැ මට එය
මේ ඉන්නවා ඇති හොඳටම
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානි ප්‍රතිචාරයට. ඔව් ඉතින් ගමේ පාසැල් කිව්වා හැම එකම මෙහෙම විනෝද කාරී නෑ තමා. දැන් පැටවුන්ට අපේ කාලේ තරමටවත් විනෝදයක් නෑ. පාන්දර 5 ඉඳලාම ටියුෂන් ලු කියලා අහන්න ලැබුනා.
Deleteපාදයක මත් 12 කි. මත් දහයකින් පසු ගුරක් ?? 😮😵💫
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ නිහතමානි ප්‍රතිචාරයට.
Deleteකාව්‍යකරණයේදී අපි ලඝු ගුරු කියලා තමා මේ මාත්‍රා ගනින්නේ. අන්න ඒ වගේ මෙතනදී මාත්‍රා 10 ක් ඉවරවුනාට පස්සේ මේ විරිතට අනුව 11 සහ 12 මාත්‍රාව සඳහා ගුරක් තිබිය යුතුයි කියන එකයි මෙයින් අදහස් කරන්නේ.
හ්ම්.....කුරුලන්,තුට එහෙම කරලා තාලෙ රකින්න හැකි බව ඉගෙන ගත්තා.
ReplyDeleteමූකලං බස්සෙකුගේ බාල කාලය.
අපෙ ආච්චිගේ කම්බා
තාන් සුවඳ මම ඉම්බා
ඉඳ හිට කෑවත් සම්බා
අපේ අයියා ගස් ගෙම්බා
පොඩි කාලේ, බත් පතේ අන්තිමට කෑමට මාලු කෑල්ල ඉතුරු කර ගන්නා පුරුද්දක් මට විය. මා නොදැන සිටි කාරණය වූයේ, මගේ මාලු කෑල්ලට කුරුමානම් අල්ලන එකෙක් එහි සිටි බවයි. කීප විටක් මගේ මාලු කෑල්ල වාෂ්ප වීමෙන් පසු, මුලදීම මාලු කෑල්ලට කෙල තැවරීමේ, ආරක්ෂක උපක්‍රමය ප්‍රගුණ කලෙමි.
ඒක මරු . මම පොඩි කාලෙ තව ළමයෙක් එක තමා මොන්ටිය ඇරිලා එන්නේ . අම්ම මටයි ඒ ලමයටයි කෑම බෙදල් දෙනවා . පොර මට කියනව අබිට්ඨාරේ හරි මාළු කෑල්ල හරි අනිහ්මට කන්න කියල . පර දඩ බඩ ගාල කාල ඉඅ පස්සේ මගෙන් කොහොම හරි කැල්ලක් කඩා ගන්නවා . මට වැඩේ තේරිලා මේකා එන දවසට මම කලින්ම ඔක්කොම කාල බත් ඉතුරු කරනවා . දැනුත් එහෙමයි . ගෙවල් වලට ගියහම මොකද අනේ මෙච්චර අඩුවෙන් බත් බෙදා ගන්නේ කියල අහනවා . හේ හේ
Deleteඅයියෝ....කොළඹ ගමයා උන්නැහැට වෙලා තියෙන දේ.......
Deleteකොහොම නමුත් හැකි ඉක්මනින්ම අබිට්ඨාරේට හරි මාළු කෑල්ලට හරි ආරක්ෂක විධි විධාන යොදාගත්ත එක නම් හෙන නුවණක්කාර වැඩේ.
තාමත් ඒ වැඩේ අනුගමණය කරනවා කියලා දැනෙද්දී මට කලපනා වුනේ... මෙහෙත් ගොඩාක් අය මුලින්ම කන්නේ හොදි මාළු පස්සේ තමා බත් කන්නේ... මම හිතන්නේ පොඩි කාලේ ඒ අයත් ඔය වගේම අවාසනාවන්ත සිදුවීම වලට මුණ දීලාම දැන් වැරදි හදාගෙන වෙන්ටෑ.. හේ හේ
බසු රාලේ....
Deleteබොහොම ස්තුතියි ඔබගේ නිහතමානි ප්‍රතිචාරයට. කවියත් ඉතාම රසවත්. ඔබත් කවිය මේ විරිතට අනිවම නිර්මාණය කර තිබීම සතුටක්. මෙතන 4 වන පේලියේ
'අපේ අයියා ගස් ගෙම්බා' කියන්නෙ නැතුව 'අපෙ අයියා ගස් ගෙම්බා' හෝ 'අපේ අයිය ගස් ගෙම්බා' කිව්වා නම් ඒ පේලියෙත් මාත්‍රා සමාන වෙනවා. හැබැයි මෙතනදි අපේ ආච්චි අපේ අයියා කියලා අපේ අපේ කියලා යෙදෙනකොට පුනරුත් දෝසේ ඇතිවෙලා තියෙනවා. ඒ දේවල් ගැන හිමීට කල්පනා කරලා බලන්න.
මම මේ කල්පනා කලේ මල්ලි මුකලන් බැස්සා වෙද්දී අයියා කොහොමද ගස් ගෙම්බා උනේ කියලා. ඒ ගැන කල්පනා කරලා උදේ පාන්දරම ඔලුවත් විකාර උනාද මන්ද.
අර මාළු කෑල්ල ආරක්ෂා කිරීමේ උපාංගය නම් ඇති විශිෂ්ටයි. පව් වැඩේ වෙලා තියෙන්නේ.
මගෙත් ඔහොම පුරුද්දක් තිබුනා බිත්තර කනකොට. අන්තිමට කන්න බිත්තරය පරිස්සම් කර ගන්නවා. හැබැයි මෙහෙම අවාසනාවන්ත ඉරණමකට නම් භාජනය වෙලා නෑ. ඒ වුනාට රොටි ඉදිආප්ප වගේ දේවල් කනකොට ණයට දෙන්න පුරුදු වෙලා හිටියා. මම පිදි එකා නිසා අම්මා මට මුලින් කන්න දෙනකොට. අක්කලාට පස්සේ දෙන්නම් කියන පොරොන්දුව පිට රොටි කෑලි ඉදිආප්ප එහෙම දෙන්න වෙලා තියෙනවා. අපරාදේ කියන්න බෑ ඒවා ආයෙම හම්බ වෙනවා. මතක් වෙද්දිත් මට හිනා අප්පා. මෙහෙම සුන්දර ළමා කාල අපේ දරුවෝ දන්නෙත් නැද්ද මන්දා.
ස්තූතියි. 4 වන පේලියේ දෝසෙ ගැන ටිකක් තේරුනා. දෙන්නාගෙම බාල කාලෙ කතන්දර ටිකත් නියමයි.🙏💐
Deleteආ.. ඒ ටික තේරුනා ද. එහෙනම් ඊළඟ සැරේ වරද්දවා ගන්නවා එහෙම නෙමෙයි ඕන් ආයිබෝං
Deleteඅනිවාර්යයෙන් ඊලඟ පාරත් වරද්දනවාමයි. පුනරුද දෝසෙ ගැනත් හිතට ගත්තා. ඒත් නොදන්න දේ බොහොමයි. මෙහෙම වැරදි, නිවැරදි කරන කොට, වැරදි එක එක හදාන්න ඇහැකි. ස්තූතියි.🙏
Deleteකමක් නෑ ඔහොම වරද්ද වරද්දා හරි වැරදි නිවැරදි කර ගමුකො. මමත් තවම කවියේ ළදරු පාසැලේ ඉන්නේ. එත් මම දන්න දේ කියලා දෙන්නම් බොහොම සතුටින්.
Delete//මල්ලි මුකලන් බස්සා වෙද්දී අයියා කොහොමද ගස් ගෙම්බා උනේ// ආන්න ජනසන් 🤣😜
Deleteඅන්න කාරණාව... ඔබ තුමාටත් මේක ගැටලුවක් නේද නමි තුමෝ... හැබැයි බසු රාලත් නිහඬයි. මම හිතන්නේ එයාගෙත් ඔලුවට සමනල් ගැටේ වැටිලා වගේ. ඉපදුන දා ඉදලාම තාම කල්පනා කරන්නේ මේ ගැන වෙන්ටෑ .. ;-
DeleteCat Raised By Dogs thinks its a dog 🤔😁
Deleteබසු උන්නැහේ ...
Deleteහරි හරි අපි එහෙම හිතාගන්නම් කෝ. වීඩියෝ එක බැලුවා හරිම හුරතල් නේද. ආස හිතුනා. චුටි පූස් පැටියා තමා හොඳටම කලේ
අපට නම් ඒ තරම් ලස්සන ළමා කාලයක් තිවුණෙ නෑ..)
ReplyDeleteඑහෙම තමා ඉතින් කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙනවා. බොහොම ස්තුතියි. මගේ නිවහනට ගොඩ වැදී සටහනක් තබා ගියාට.
Deleteහොදින් පැහැදිලි අයුරින් විරිතට අනුවම අලංකාරය ඇතිව ලියා තියෙනවා .. බාල කාලය හදවත තුලට ගෙනා පද.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබ තුමාට කාර්ය බහුල ජිවිතේ අතර තුර මගේ සිතිවිලි නිවසටත් සෙනෙහෙ සිතින් ගොඩවෙලා සටහනක් තැබීම සම්බන්ධයෙන්
Deleteකවි පංතිය හා කොමෙන්ටු කියවීමෙන් කාව්‍යකරණය ගැන ටියුෂමකට ගියා වගේ දැනුනා. ආපසු යනවා නම් යන්නට සිත පොළඹවන කාරණයක් තමයි අද අප සමීපයේ නැති හදවතට සමීප වූවන් යළි මුණගැසීම
ReplyDeleteබොහොම ස්තුතියි සුපුරුදු පරිදි අදත් මේ නිවහනට ගොඩ වැදුනාට.
Deleteඔව් කොච්චර උනත් පුංචි කාලේ යාළුවො මුණ ගැහෙනවා කියන්නේ ඉතින් අමුතුම හැඟීමක් තමයි ඒක.