Saturday, March 28, 2026

ගෙනෙමු මුවඟට සිනා රැල්ලක් - (ශනිදා දහයට)

 

දින දින ගෙවී යන මේ දිවි ගමනෙ             කෙටී
කුසලට ඉඩ දෙමින් පියවර මැනුම               වටී
අවගුණ පිරුණු රළු දුදනන් දෙපස              සිටී
පසෙකට වෙනු සොඳය ඔ​ව්'නු​න් මුණ   නොගැටී

මඟ දිග දැකි​ය​ හැක හඬනා දිළිඳු           කැලක්
කුසගිණි දරා ගනු බැරිකම දුකට             මුලක්
ගෙන එනු නොහැකි නම් මුවඟට සිනා     වැලක්
කිම පල පුදන කල බුදුනට සුවඳ             මලක්

රවුළු ඡ්න්දස - නරඟරඟ විරිත ඇසුරෙන්)

විරිතේ ස්වභාවය
පාදයකට මාත්‍රා  19 කි 
ලඝු / ගුරු භේද නැත
පළමු මාත්‍රා 9 න් පසු යතිය තැබිය යුතුයි

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

12 comments:

  1. මේ දවස්වල නම් රළු දුදනන් මුණගැහිලා ඉන්නේ. අහිංසක ජීවිත ගැන කමයි දුක!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනා ට.

      Delete
  2. යතිය කියන්නේ මොකක්ද , කවි දෙක හොඳයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනා ට. විශේෂයෙන්ම විරිතකට අනුව කවියක් නිර්මාණය කරන කොට ඒ ඒ විරිතට අනුකුලව යතිය පිහිටවිය යුතු ස්ථාන ගැන සදහන් වෙලා තියෙනවා. යතිය කියන්නේ විරාමයකට.

      Delete
    2. කවි දෙකේම, අන්තිම පදයෙ මැද "විරාමයක්"(යතිය) තියනව කියල හිතුනා. හරිද මන්දා?

      Delete
    3. බසු රාලේ..., බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනා ට.
      පදයේ මුල සිට මාත්‍රා 9 කට පස්සේ තමා යතිය පිහිටලා තියෙන්නේ.
      යන, දෙමින්, රළු, සොඳය,
      හැක, ගනු, නම්, කල , කියන වචන වලට පස්සේ තමා යතිය (විරාමය ) තබා තිබෙන්නේ.

      Delete
  3. බොහොමත්ම අගයමි .. විරිතට ගැලපෙන අයුරින් ගලපා ලියා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදී සටහනක් තැබුවාට.

      Delete
  4. Replies
    1. දුකයි තමයි. ඔහොම තමා ජීවිතය. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගෙ සිතිවිලි නිවසට ගොඩ වැදි සටහනක් තබා ගියාට.

      Delete
  5. හිතට රස දැනුනා .. අවශ්‍යම අයුරින් යතිය පිහිටුවා හොදින් ලියා තියෙනවා .. පද අරුත පැහැදිලිය . අගයමි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබ තුමාට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවසට ගොඩවී මගේ කවි රස වින්දා ට.

      Delete