දින දින ගෙවී යන මේ දිවි ගමනෙ කෙටී
කුසලට ඉඩ දෙමින් පියවර මැනුම වටී
අවගුණ පිරුණු රළු දුදනන් දෙපස සිටී
පසෙකට වෙනු සොඳය ඔව්'නුන් මුණ නොගැටී
මඟ දිග දැකිය හැක හඬනා දිළිඳු කැලක්
කුසගිණි දරා ගනු බැරිකම දුකට මුලක්
ගෙන එනු නොහැකි නම් මුවඟට සිනා වැලක්
කිම පල පුදන කල බුදුනට සුවඳ මලක්
( රවුළු ඡ්න්දස - නරඟරඟ විරිත ඇසුරෙන්)
විරිතේ ස්වභාවය
පාදයකට මාත්‍රා 19 කි
ලඝු / ගුරු භේද නැත
පළමු මාත්‍රා 9 න් පසු යතිය තැබිය යුතුයි
පාදයකට මාත්‍රා 19 කි
ලඝු / ගුරු භේද නැත
පළමු මාත්‍රා 9 න් පසු යතිය තැබිය යුතුයි
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ දවස්වල නම් රළු දුදනන් මුණගැහිලා ඉන්නේ. අහිංසක ජීවිත ගැන කමයි දුක!
ReplyDeleteඔව් නේද.. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනා ට.
Deleteයතිය කියන්නේ මොකක්ද , කවි දෙක හොඳයි
ReplyDeleteබොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනා ට. විශේෂයෙන්ම විරිතකට අනුව කවියක් නිර්මාණය කරන කොට ඒ ඒ විරිතට අනුකුලව යතිය පිහිටවිය යුතු ස්ථාන ගැන සදහන් වෙලා තියෙනවා. යතිය කියන්නේ විරාමයකට.
Deleteකවි දෙකේම, අන්තිම පදයෙ මැද "විරාමයක්"(යතිය) තියනව කියල හිතුනා. හරිද මන්දා?
Deleteබසු රාලේ..., බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනා ට.
Deleteපදයේ මුල සිට මාත්‍රා 9 කට පස්සේ තමා යතිය පිහිටලා තියෙන්නේ.
යන, දෙමින්, රළු, සොඳය,
හැක, ගනු, නම්, කල , කියන වචන වලට පස්සේ තමා යතිය (විරාමය ) තබා තිබෙන්නේ.
බොහොමත්ම අගයමි .. විරිතට ගැලපෙන අයුරින් ගලපා ලියා තියෙනවා .
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩ වැදී සටහනක් තැබුවාට.
Delete💔.....
ReplyDeleteදුකයි තමයි. ඔහොම තමා ජීවිතය. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගෙ සිතිවිලි නිවසට ගොඩ වැදි සටහනක් තබා ගියාට.
Deleteහිතට රස දැනුනා .. අවශ්‍යම අයුරින් යතිය පිහිටුවා හොදින් ලියා තියෙනවා .. පද අරුත පැහැදිලිය . අගයමි
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබ තුමාට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි නිවසට ගොඩවී මගේ කවි රස වින්දා ට.
Delete