නේක පාට මල් පිපේවි
සීත මාරුතේ සැලේවි
පාව විත් හිතේ රැදේවි
ශෝක මා ළයේ නිවේවි
රාගයේ බිඟුන් රඟාවි
පාට ලෝකයක් මවාවි
ආදරේ කියා කියාවි
ජීවිතේ තුටේ ගලාවි
ප්‍රීති ගීතිකා ඇසේවි
රෑට තාරුකා පිපේවි
මී බඳුන් මතින් පිරේවි
ජීවිතේ මෙසේ ගෙවේවි
(අනුෂ්ටුප් ඡන්දස - සමානිකා විරිත ඇසුරෙන් )
විරිත හැඳින්වීම
පාදයකට මාත්‍රා 12 කි.
පාදයකට මාත්‍රා 12 කි.
ර ගණය, ජ ගණය
ඉන්පසු ගුරු අක්ෂරයක් හා ලඝු අක්ෂරයකි.
යතිය පාදාන්තයේ වෙයි
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
විරිත් විස්තරෙත් යොදාපු එක හරි වටිනවා!
ReplyDeleteබොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩ වැඩි මගේ කවි රසවිඳ සටහනක් තබා ගියාට.
Deleteලස්සනයි අක්කා... 🥰🥰🥰 ජයම.
ReplyDeleteබොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩ වැඩි මගේ කවි රසවිඳ සටහනක් තබා ගියාට.
Deleteමම ඉතිං කොන්ක්‍රීට් වනාන්තරේ පොලිටිකල් පක්සියා නිසාද මන්දා, මට මේ රොමැන්ටික් කවි ටික දැක්කාම මතක් වුනේම Kristi Noem ගේ flying bedroom කේස් එක.😵💫😋
ReplyDeleteහි... හී.. පොඩි හිනාවකුත් ගියා ... එත් මගේ පිටුවට ඇවිල්ලා සටහනත් තබා ගිය ඒ සහෝදර ලෙන්ගතුකම ඔක්කෝටම වඩා වටී. බොහොම ස්තුතියි.
Deleteමා නම් කර නැති උනත් මේ ආකාරයට යම්කිසි අච්චුවකට හරියන විදිහට කවියක් ගෙතීමේ අභ්‍යාස තමන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීමට හොඳ රුකුලක් යයි මට සිතුනා
ReplyDeleteබොහෝම ස්තුතියි මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනාට. ඔව් ඔබ කියා ඇති පරිදි කොයි ආකාරයේ කවියක් ලියුවත් එය කුසලතාවය වර්ධනය වන්න රුකුලක් වෙනවා.
Deleteපාව විත්
ReplyDeleteපාවෙලා ඇවිත් කියන අදහස දෙන්න වෙනත් අය ද ඔය වචන දෙක ඔය විදිහට යොදාගෙන තිබුණත් එය නිවැරදි ද
නැවත වරක් ඔබට ස්තුතියි මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනාට.
Deleteඔබ අසා ඇති පැනයට අනුව මෙහි පාව විත් කියා සදහන් කලේ පාවෙලා ඇවිත් කියන යෙදුමයි. විරිතට අනුව යම් යම් මාත්‍රා සහ ගණ සමඟ අපට ගනුදෙනු කිරිමට සිදු වෙන බැවින් කවිය සමබරව පවත්වා ගැනීමට මෙවැනි කෙටි යෙදුම් යෙදිය යුතු වෙනවා.
ඒ මෙන්ම කවියෙ පරතෙරටම ගිය මගේ ආදරණිය ගුරුතුමා ද මෙහි පහත ඒ ගැන තවදුරටත් සඳහන් කර ඇති බව දුටුවා.
ඔබගේ ගැටළුව විසදී ඇති බව මම විශ්වාස කරනවා.
විරිතකට ලියූ හොඳ කවි පංතියක්. කවියෙහි අරුත වඩාත් තීව්ර කරගන්න යොදා ඇති යෙදුම් සාධාරණයි." උදා: පාව විත් > පාවෙලා ඇවිත්.
ReplyDeleteමෙවන්වූ වචන තවත් රසයක් පණගැන්වීමට යොදා ගන්නත් හැකිය .
දයාබර ගුරුතුමනි ඔබට බොහොමත්ම තුති සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවහනට ගොඩ වී මේ පිළිබඳ පැහැදිලි අදහසක් අදිරිපත් කිරීම සම්බන්ධයෙන්.
Deleteරුක්මණී දේවිගේ සින්දුවක් වගේ කියල හිතුනා
ReplyDeleteආනේ .. එහෙමද?
Deleteබොහොම ස්තුතුයි සුපුරුදු ලෙන්ගතුකමින් අදත් මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනාට