Saturday, March 7, 2026

මෙහෙම වේවි - (ශනිදා දහයට)



නේක පාට මල්   පිපේවි
සීත මාරුතේ     සැලේවි
පාව විත් හිතේ   රැදේවි
ශෝක මා ළයේ  නිවේවි

රාගයේ බිඟුන්    රඟාවි
පාට ලෝකයක්   මවාවි
ආදරේ කියා      කියාවි
ජීවිතේ තුටේ      ගලාවි

ප්‍රීති ගීතිකා        ඇසේවි
රෑට තාරුකා       පිපේවි
 මී බඳුන් මතින්     පිරේවි 
ජීවිතේ මෙසේ   ගෙවේවි

(අනුෂ්ටුප් ඡන්දස  - සමානිකා විරිත  ඇසුරෙන් )

විරිත හැඳින්වීම 
පාදයකට මාත්‍රා 12 කි.
ර ගණය, ජ ගණය  
ඉන්පසු ගුරු අක්ෂරයක් හා ලඝු අක්ෂරයකි. 
යතිය පාදාන්තයේ වෙයි 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

14 comments:

  1. විරිත් විස්තරෙත් යොදාපු එක හරි වටිනවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩ වැඩි මගේ කවි රසවිඳ සටහනක් තබා ගියාට.

      Delete
  2. ලස්සනයි අක්කා... 🥰🥰🥰 ජයම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩ වැඩි මගේ කවි රසවිඳ සටහනක් තබා ගියාට.

      Delete
  3. මම ඉතිං කොන්ක්‍රීට් වනාන්තරේ පොලිටිකල් පක්සියා නිසාද මන්දා, මට මේ රොමැන්ටික් කවි ටික දැක්කාම මතක් වුනේම Kristi Noem ගේ flying bedroom කේස් එක.😵‍💫😋

    ReplyDelete
    Replies
    1. හි... හී.. පොඩි හිනාවකුත් ගියා ... එත් මගේ පිටුවට ඇවිල්ලා සටහනත් තබා ගිය ඒ සහෝදර ලෙන්ගතුකම ඔක්කෝටම වඩා වටී. බොහොම ස්තුතියි.

      Delete
  4. මා නම් කර නැති උනත් මේ ආකාරයට යම්කිසි අච්චුවකට හරියන විදිහට කවියක් ගෙතීමේ අභ්‍යාස තමන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීමට හොඳ රුකුලක් යයි මට සිතුනා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනාට. ඔව් ඔබ කියා ඇති පරිදි කොයි ආකාරයේ කවියක් ලියුවත් එය කුසලතාවය වර්ධනය වන්න රුකුලක් වෙනවා.

      Delete
  5. පාව විත්

    පාවෙලා ඇවිත් කියන අදහස දෙන්න වෙනත් අය ද ඔය වචන දෙක ඔය විදිහට යොදාගෙන තිබුණත් එය නිවැරදි ද

    ReplyDelete
    Replies
    1. නැවත වරක් ඔබට ස්තුතියි මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනාට.
      ඔබ අසා ඇති පැනයට අනුව මෙහි පාව විත් කියා සදහන් කලේ පාවෙලා ඇවිත් කියන යෙදුමයි. විරිතට අනුව යම් යම් මාත්‍රා සහ ගණ සමඟ අපට ගනුදෙනු කිරිමට සිදු වෙන බැවින් කවිය සමබරව පවත්වා ගැනීමට මෙවැනි කෙටි යෙදුම් යෙදිය යුතු වෙනවා.
      ඒ මෙන්ම කවියෙ පරතෙරටම ගිය මගේ ආදරණිය ගුරුතුමා ද මෙහි පහත ඒ ගැන තවදුරටත් සඳහන් කර ඇති බව දුටුවා.
      ඔබගේ ගැටළුව විසදී ඇති බව මම විශ්වාස කරනවා.

      Delete
  6. විරිතකට ලියූ හොඳ කවි පංතියක්. කවියෙහි අරුත වඩාත් තීව්‍ර කරගන්න යොදා ඇති යෙදුම් සාධාරණයි." උදා: පාව විත් > පාවෙලා ඇවිත්.
    මෙවන්වූ වචන තවත් රසයක් පණගැන්වීමට යොදා ගන්නත් හැකිය .

    ReplyDelete
    Replies
    1. දයාබර ගුරුතුමනි ඔබට බොහොමත්ම තුති සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවහනට ගොඩ වී මේ පිළිබඳ පැහැදිලි අදහසක් අදිරිපත් කිරීම සම්බන්ධයෙන්.

      Delete
  7. රුක්මණී දේවිගේ සින්දුවක් වගේ කියල හිතුනා

    ReplyDelete
    Replies
    1. ආනේ .. එහෙමද?
      බොහොම ස්තුතුයි සුපුරුදු ලෙන්ගතුකමින් අදත් මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදුනාට

      Delete