සිහින අතර රැඳී ඉමු
දුවන පනින දඟේ දුක දුරලා
සිතට දැනුන සුවේ නැත මැකිලා
සිසිල ගෙනෙන දොලේ සිරි විඳලා
ගෙවපු ලපටි වියේ මන රැදිලා
සුවඳ බෙදන සියුම් පෙති දිලිසේ
නොයෙක පැහැති පියුම් ඇති රිසිසේ
බටිති මලිති පැටව් ගැයු රසසේ
මිහිරි හඬට සවන් දෙමු රහසේ
මහද අරණ පිපී මල නොයිඳුල්
නුඹය ගලන රිදී ගඟ මනලොල්
දිනෙක සුවය සදා දෙන සිසිලැල්
සිහින අතර රැඳී ඉමු සැමකල්
ගජ ඡන්දස - දියකෙළි විරිත ඇසුරින්
ලුහු සයින් ද ගණ
න ගණ ගුරින් බඳහොත්
අටවැන්න යති වී නම්
දියකේලි නම් වන්නේය
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
සිහින් අතර තමා අපි ඉතින් සැමදාම
ReplyDeleteඒකනෙ... හරියට අපිව ජීවත් කරවන්නෙම හීනද මන්ද..
Deleteබොහෝම් ස්තුතියි මගෙ සිතිවිලි නිහවනට ගොඩ වැදිලා ඔබෙ වටිනා ප්රතිචාරය සටහන් කලාට.
ඔහොම හීන දැනුත් ඉඳහිට පේනවා. නොයිදුල් නොයිඳුල් කියලා හැදුවා නම් හොඳයි.
ReplyDeleteබොහෝම ස්තුතියි මගෙ සිතිවිලි නිවහනට ගොඩ වෙලා සුපුරුදු පරිදි සටහනක් තබා ගියාට.
Deleteඒ වගේම ස්තුතියි ඒ වචනයේ වැරැද්ද පෙන්වා දුන්නාට. මම ඒක නිවැරදි කළා.