Saturday, January 17, 2026

සිහින අතර රැඳී ඉමු (ශනිදා දහයට)

 සිහින අතර රැඳී  ඉමු 

දුවන පනින දඟේ  දුක            දුරලා

සිතට දැනුන සුවේ නැත        මැකිලා

සිසිල ගෙනෙන දොලේ සිරි      විඳලා

ගෙවපු ලපටි වියේ මන           රැදිලා

සුවඳ බෙදන සියුම් පෙති        දිලිසේ

නොයෙක පැහැති පියුම් ඇති  රිසිසේ

බටිති මලිති පැටව් ගැයු         රසසේ

මිහිරි හඬට සවන් දෙමු         රහසේ

මහද අරණ පිපී මල          නොයිදුල්

නුඹය ගලන රිදී ගඟ         මනලොල්

දිනෙක සුවය සදා දෙන       සිසිලැල්

සිහින අතර රැඳී  ඉමු          සැමකල්

ගජ ඡන්දස - දියකෙළි විරිත  ඇසුරින් 

~~ ලියෝනි අමරතුංග ~~

එලු සදස් ලකුණ ග්‍රන්ථයේ විරිත හැඳින්වීම
ලුහු සයින් ද ගණ
න ගණ ගුරින් බඳහොත්
අටවැන්න යති වී නම්
දියකේලි නම් වන්නේය

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

1 comment:

  1. සිහින් අතර තමා අපි ඉතින් සැමදාම

    ReplyDelete