සුළගේ කෙහෙරැලි දානා, නැළවිල්ලක්
දැකලා හදවත පානා, කැළබිල්ලක්
දසතේ සිතිවිලි ධාරා, විසිරිල්ලක්
නොමැතේ මට නම් ආයේ, සැනසිල්ලක්
මැණිකේ සඳවත කිම්දෝ, ලතැවෙන්නේ
සදලා අතු පැල බැද්දේ, සැඟවෙන්නේ
අතුරා සෙනෙහස රිස්සේ, තනිවෙන්නේ
දැනෙනා හැඟුමන් සිත්සේ, විඳගන්නේ
( රැදි ඡන්දස අයත් බහසුරුවිදඹ විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.
ලස්සන නිර්මාණයක්.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට. මගෙ සිතිවිලි මංපෙත නිවහනට ගොඩ වැදුනාට සහ ඇගයීම ට.
Deleteබැද්දට වෙලා අතු පැල ඔබ හැදුවාට
ReplyDeleteඉන්න රිසි සේ යහනක් මට තැනුවාට
දීග නොගොස් මිස බැහැනේ බැදි යන්ට
එන්නට නොහැකි අයියන්ඩියේ මෙමා හට
බද්දේ කොනට වෙන්නට අතු පැල හදලා
Deleteහින්දා සෙනේ අතැඟිලි එක්කර. බැඳලා
අන්දා කදිම සළු මව්පිය පය වැඳලා
කැන්දා යමී මැණිකේ නැකතක් බලලා
බොහොම ස්තුතියි ඔබට මගේ සිතිවිලි මංපෙතට ගොඩ වැදි රසවත් කවියකින් ප්රතිචාර දැක්වුවාට.
තවත් ලස්සන කවියක්. ඔය විරිත් ගැනත් උදාහරණ එක්ක සටහනක් ලියන්ට.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට මගේ සිතිවිලි මංපෙතට ගොඩ වැදි ප්රතිචාර දැක්වුවාට. මම උත්සාහ කරන්නම් ඒ ගැන සදහන් කරන්න.
Delete