කවි කතාව
1 කොටස
හද බැති මිතුරු වැඩිහිටි, බාලයිනෙ සොඳ
නව කවි කතාවක ඇරඹුම තබමි අද
දින දින ගෙවී යන ලෝකයෙ අරුම විඳ
රැදෙනට ඇරයුමයි මේ සෙනෙහසිනි තෙද
ගහකොළ නිලට දිලෙනා පින්සාර කෙත
මැදිකර ගලයි ගං කොමළිය පිනන සිත
නුදුරෙහි ගගන සිප නැළවෙන බඳන නෙත
පොබකර කඳු වැටිද සැතපෙයි අසල පෙත
ඉඳිගොඩ නගරයට නුදුරුවු කුඩළු ගම
ජයගෙන තිබුනි සැම දන හිත මුතුරු කම
මැදිකර තැනුන නැණ වපුරන සොඳුරු ඉම
විසු ගුරු යුවල ගැන අටුවා ටිකා එම
වෙසෙනා නිවස යාබද සිප් නැණ පියස
ඇමදා මිදුල අළුයම දුරුකර අලස
වැඳලා බුදුන් පිළිගෙන නොඉඳුල දවස
නිතිනා සිරිය රඳවයි දෙවොලක විලස
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
දිගටම රැදෙනු අදහසින්-යලි එමි විදින්නට රස කවි මෙලෙසින් -Mayya
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබගේ පැමිණීම ඉතා අගය කොට සලකමි.
Deleteනව කවි කතා තාලයකට ගැළපෙන්නා
ReplyDeleteදිව එමි එයත් කියවන්නට ලොබවෙන්නා
ලස්සනයි
ජයවේවා !!!
බොහොම ස්තුතියි ඔබගේ රසවත් ප්‍රතිචාරයට
Delete🤓😃
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteරැදෙනට කළ ඇරයුම එකෙන්ම පිලිගතිමි.
ReplyDeleteස්තුතියි!
Myself Hattor
බොහොම ස්තුතියි. ඔබගේ පැමිණීම ඉතා අගය කොට සලකමි. දිගටම රැදී සිටින්නට ඇරයුමක් එවමි.
Deleteතව කවියක් දෙකක් එකතු කරාට දිග වැඩි වෙන්නෙ නෑ, මයෙ හිතේ.
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබගේ වටිනා ප්‍රතිචාරයට. එකම දවසෙ ගොඩාක් කියවන්න උනහම නීරස වෙයි කියලා හිතුනා. හැමෝම එක වගේ කවි රස විඳින්නෙ නැති නිසා.
Deleteඅගෙයි. ගමක ස්ටෝරියක් වාගෙ!
ReplyDeleteබොහොම ස්තුතියි. හ්ම්... මගේ ගොඩාක් කතා ගම වටා තමයි එතෙන්නේ. ඒ තරම්ම මම ගමට ආදරෙයි. ගමේ තියෙන සිරියාව ගහ කොල සිසිල් සුළඟ වෙන කොහෙවත් නෑ.
Deleteඅයියෝ කථාව කියවන්න හදනකොටම "මතු සම්බන්ධයි" !
ReplyDeleteඊළඟ සතියේ ටිකක් දිගට ලියන්න!
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
Deleteඅයියෝ... එහෙමද? දිගට ලියන්න ආසයි. ඒත් හැමෝම කවි රස විඳින්න ආස නැති නිසා දිගට ලියන්න බයයි. එහෙම නම් තව එක කවියක් වැඩිපුර දමන්නම්.
මටත් හිතුනේ ටිකක් තව දිග උනානම් හොදයි කියල.
ReplyDeleteඅනේ... ඔයා ඇවිල්ලා බොහෝම ස්තූතියි. කෝ මම ඔයාගෙ කතා ව දැක්කෙ නෑ නේ මේ සතියේ. 🙁 හරි මම ඊලඟ සැරේ තව පදයක් එකතු කරන්නම් කෝ.
Deleteමේ සතිය මට මිස් උනානේ ට්‍රිප් එකක් ගිය නිසා..
Deleteහරි ඔන්න ඊලඟ සතියෙ නම් එකක් ලියන්නම් ඕන හොඳේ.
Deleteකවි කථා වලින් වැඩක් කරමුද ?
ReplyDeleteකරමු කරමු. බොහෝම ස්තූතියි මේ පැත්තෙ ආවට.
DeleteHarima lassanai 👌👌👌
ReplyDeleteඔයාගේ වටිනා ප්‍රතිචාරයට බොහොම ස්තුතියි බබෝ
Deleteකවිය හද බසයි කියනා කියුම හරි
ReplyDeleteකියවන්නට හිතෙයි ඉතිරිය කොහොම හරි
බොහෝම ස්තුතියි නිදි මේ පැත්තේ ආවාට. එහෙනම් දිගටම කියවලා බලලා ගුණදොස් කියන්නකෝ.
Delete