සසර හුරු පුරුදු ලෙස ඔබේ රැව හද බැඳන්
පැමිණි මඟ දෙස බලා විඳිමි තුට දුර ඉඳන්
යලිදු සිහි වන විටදි එදා කියු රස වදන්
කෙලෙස ඉවසමිද මම හඬමි කඳුළැලි රදන්
තනිව ගෙවු මොහොත කල්පයකි සෙනෙහස රදන්
ගියෙද දුර ඈත ලඟ බව දැනුනි සුව සදන්
පිරුනු තරු අහස යට හිඳිමි ඔය රුව බදන්
කෙලෙස පවසමි සිතැඟි නොමැත පමණට වදන්
පැමිණි මඟ දෙස බලා විඳිමි තුට දුර ඉඳන්
යලිදු සිහි වන විටදි එදා කියු රස වදන්
කෙලෙස ඉවසමිද මම හඬමි කඳුළැලි රදන්
තනිව ගෙවු මොහොත කල්පයකි සෙනෙහස රදන්
ගියෙද දුර ඈත ලඟ බව දැනුනි සුව සදන්
පිරුනු තරු අහස යට හිඳිමි ඔය රුව බදන්
කෙලෙස පවසමි සිතැඟි නොමැත පමණට වදන්
( රවුළු ඡන්දස - වියන් විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
හුම්......
ReplyDeleteහුම් ද...? බොහෝම් ස්තූතියි ඈ.
Delete