මියැදුනු සෙනෙහස
මෙතෙක් කල් දුර ගෙවා ආවෙ ඔය අත පතා
කොතෙක් තව දරන්නද අතීතයෙ කියු කතා
ඇතෙක් බර සුසුම් පා කෙරුවෙ ඉවසමි සිතා
එතෙක් නිහඬව සිටිනු කෙසේ කවි ගොත ගොතා
හිතෙත් මහ මෙර උසට පැතුම් ඇත රස පතා
ලතෙත් හදවත රිදුම් දෙයි පහස ගැන සිතා
නෙතෙත් කඳුලැලි ලිහී ගතු කියන කල ඉතා
ගතෙත් එඩි සිඳී මියැදුනා දළුලන ලතා
( රවුළු ඡන්දස - වියන් විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
නාකද.... කෙටි කතාවක් දැම්මොත්
ReplyDeleteදමමු දමමු. ඇයි නාක. හැබැයි කයියට තරම් ඔය කතා වලට මම දස්ස නෑ නොවැ නමි තුමෝ.
Deleteමම වහන්දෑ ලියන්නෙත් දස්ස වෙලා ඈ.... විකාර😂
Delete