Friday, August 12, 2022

මියැදුනු සෙනෙහස


මියැදුනු සෙනෙහස

 
මෙතෙක් කල් දුර ගෙවා ආවෙ ඔය අත        පතා
කොතෙක් තව දරන්නද අතීතයෙ කියු        කතා
ඇතෙක් බර සුසුම් පා කෙරුවෙ ඉවසමි        සිතා
එතෙක් නිහඬව සිටිනු කෙසේ කවි ගොත ගොතා

හිතෙත් මහ මෙර උසට පැතුම් ඇත රස      පතා
ලතෙත් හදවත රිදුම් දෙයි පහස ගැන         සිතා
නෙතෙත් කඳුලැලි ලිහී ගතු කියන කල        ඉතා
ගතෙත් එඩි සිඳී මියැදුනා දළුලන                ලතා

( රවුළු ඡන්දස -  වියන් විරිත ඇසුරෙන්  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

3 comments:

  1. නාකද.... කෙටි කතාවක් දැම්මොත්

    ReplyDelete
    Replies
    1. දමමු දමමු. ඇයි නාක. හැබැයි කයියට තරම් ඔය කතා වලට මම දස්ස නෑ නොවැ නමි තුමෝ.

      Delete
    2. මම වහන්දෑ ලියන්නෙත් දස්ස වෙලා ඈ.... විකාර😂

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.