Wednesday, July 28, 2021

හැඟුමක වග

 

හැඟුමක වග

මෝදු වන තරු රෑන වටකොට කෝල ලෙස නුබ  වැතිරිලා
       නීල නෙතු ඉඟි පාන අරුමෙය  කීවෙ සිතිවිලි        අතුරලා        
සීත රැයකට මාන බලමින රාග බඹරිදු               තටුසලා
රේණු සිප නොම තලා පෙති පෙම් ගීය කොඳුරයි  දැවටිලා

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

Wednesday, July 21, 2021

පැතුම

 

පැතුම 

දෙනෙත උහුලන උණු කඳුළු පෙර මඟ බලන සඳ  බොඳවෙලා
හඬමි මතකයෙ ලැගුම් ගත් ඉමිහිරි අතීතය             සිහිවෙලා
විඳිමි රැය දුටු සිහිනයෙන් ගෑ සුවඳ තුරුළට             ගුලිවෙලා
 දිනෙක සැනසෙමු සුව කැදැල්ලක නොයන කිසිදින  සැඟවෙලා  

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

පින්තූරය සැකසුම ප්‍රියන්ත ඩෙනිල් විසිනි. බොහොම ස්තුතියි ප්‍රියන්ත.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 



Thursday, July 15, 2021

මතකය අතරින්


 මතකය අතරින්

දෑත පටලන උයන් තෙර සක්මන් කළා අපි පෙර   සැදෑවේ
සීත මදනල පාව විත් සියොළඟ සලිත කර දැමු    නුරාවේ 
පෑව අමතක නොවන සවනත රාව නංවන ලද     හිනාවේ
යාව තිබු මුදු වදන් හදවත සනසලයි පෙම් රස   ගෙනාවේ

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, July 7, 2021

අහිමි සෙනෙහස


 අහිමි සෙනෙහස

දයා සුව රැඳුනු සෙහෙනස සොයා   වෙහෙසුනේ
කියා ගනු නොහැකි සිතිවිලි ළයේ     තෙරපුනේ
නිමා නැති කඳුළු අරණක මෙමා        තනිවුනේ
  හඹා එනු නොහැකි දුරකය ඔයා        සැඟවුනේ  

(රවුළු ඡන්දසට අයත් වියන් නම් වූ විරිත ඇසුරෙනි)

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~~

 

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..


විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.